Friday, November 19, 2021

පාකිස්ථානය සහ ඉම්රාන් ඛාන්

 


දර්ශන අශෝක කුමාර

 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන්ගේ නායකයත්වයෙන් යුතු පාකිස්ථාන් තෙහරීක්-ඊ-ඉන්සාෆ් (Pakistan Tehreek-e-Insaf (PTI) ) පක්ෂය පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉදිරියට පැමිණ සිටී. එහෙත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට බහුතර බලයක් ලබා ගැනීමට හැකි වී නැත. එබැවින් ඔහුට ආණ්ඩුවක් පිහිටුවීමට නම් තවත් පක්ෂවල සහයෝගය ලබා ගැනීමට සිදු වනු ඇත.

ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය පෙරමුණට පැමිණීමට ප්‍රධාන හේතුවක් වූයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ පාකිස්ථාන් මුස්ලිම් ලීග්-නවාස් පක්ෂයට එරෙහිවත් නවාස් ෂරීෆ් මහතාට එරෙහිවත් බරපතළ දූෂණ චෝදනා එල්ල වීමයි.

පාකිස්ථානයේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කිසියම් දේශපාලන පක්ෂයක් විසින් පාර්ලිමේන්තුවේ අසුන් 172ක් ලබා ගත යුතු වේ.  පාකිස්ථාන පාර්ලිමේන්තුවේ අසුන් 342ක් වේ. ඉන් 272 දෙනෙකු ඍජුව ජනතා ඡන්දයෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරු වෙති. ආසන 60ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කර ඇති අතර තවත් අසුන් 10ක් ආගමික සුළුතරයන් වෙත වෙන් කර තිබේ.

කිසියම් දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 172 දෙනෙකුගේ සහාය ලබා ගත යුතු වන අතර ම අවම වශයෙන් අසුන් 137ක් දිනා ගත යුතුය. සෙසු මන්ත්‍රී ධුර සංඛාව සභාගයක් ලෙස වෙනත් දේශපාලන පක්ෂ සමඟ ඒකාබද්ධ ව සපුරා ගත හැකිවේ. ප්‍රකාශිත ව තිබූ ප්‍රතිඵල අනුව ඉම්රාන් ඛාන් මහතාගේ පක්ෂයට හිමි වී තිබුණේ ආසන 113ක් පමණි.

මෙවර පාකිස්ථාන මහමැතිවරණයට දේශපාලන පක්ෂ 30ක් පමණ සටන් වැදුණේය. ඔවුන් සිය අපේක්ෂකයන් ඉදිරිපත් කළේ ප්‍රාන්ත 4ක් යටතේයි. ඒ පන්ජාබ්, සින්ද්, බලුචිස්ථාන්, කයිබර්-පක්තුන්ඛවා යන ප්‍රාන්තයි. මහමැතිවරණය සඳහා අපේක්ෂකයෝ 3,459 දෙනෙක් තරග කළහ.

මෙවර පාකිස්ථාන මහමැතිවරණය අතිශයින් තීරණාත්මක වූ අතර ඒ හේතුවෙන් ම බොහෝ ආරක්ෂක විධිවිධාන යොදා තිබිණ. තුන්ලක්ෂ හැත්තෑඑක් දහසක බලඇණියක් ආරක්ෂාව සඳහා යොදවා තිබූ බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේය. එසේවුවද ක්වෙට්ටා නගරයේ ඡන්ද පොළක පුපුරා ගිය බෝම්බයකින් පුද්ගලයන් 31 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. එහි වගකීම බාරගත්තේ අයි එස් සංවිධානයයි.

පාකිස්ථානය යනු මිලියන 207 ක ජනතාවකගේ වාසභූමියයි. ලෝකයේ පස්වැනි වැඩිම ජනගහනයක් ඇති රටයි. පාකිස්ථානය 1947 වසරේ බිහි වීමේ පටන් මේ දක්වා නිරන්තර දේශපාලන හැල හැප්පීම්වලට නතු වන රටකි. නිදහසින් පසු පාකිස්ථානයේ අවුරුදු 70කට ආසන්න කාලයෙන් අඩකට ආසන්න කාලයක් පාලනය වී ඇත්තේ හමුදාවන්ගේ යටතේය.

පාකිස්ථානයේ පසුගිය ඉතිහාසය මුළුල්ලේ ම කිසියම් සිවිල් ආණ්ඩුවක් තවත් සිවිල් ආණ්ඩුවකට බලය පවරා ඇත්තේ එක් වරක් පමණි. මේ දෙවැනි අවස්ථාවයි. ඊට පෙර සෑම අවස්ථාවක දී ම සිදු වූයේ හමුදා කුමන්තුණයක් මඟින් සිවිල් ආණ්ඩු පෙරළා දැමීමයි. මේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් ව ඇති කලාපීය රටවල් අතර ඉදිරියෙන් ම පාකිස්ථානය සිටී.

හැල හැප්පිලි සහිත පාකිස්ථානයේ මහ මැතිවරණය පසුගිය දා පැවැත්විණ. ඒ එරට 15 වැනි පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහායි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 106 ජනතාවක් ලියාපදිංචි වී සිටියහ.

මෙවර මහමැතිවරණයේ දී හිටපු අග්‍රාමත්‍ය නවාෂ් ෂරීෆ්, ඉම්රාන් ඛාන් බෙනාසීර් භූතෝගේ පුත් බිලාවල් භූතෝ සර්දාරි ප්‍රබල චරිත ලෙසින් තරග වැදුණහ. කෙසේවෙතත් නවාෂ් ෂරීෆ්ගේ පාලක පීඑම්එල්-එන් පක්ෂය හෙවත් පාකිස්ථාන් මුස්ලිම් ලීග් - නවාස් පක්ෂය බරපතළ අභියෝගයක් වූයේ ඔවුන්ට එල්ල වී තිබූ බරපතළ දූෂණ චෝදනායි.

මහ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර නවාස් ෂරීෆ්ට අවුරුදු 10ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කළේය. ඊට හේතු වූයේ ඔහු විසින් හෙළි නොකළ වත්කම් පවත්වා ගෙන යෑමයි. නවාස් ෂරීෆ් සතුව මහා බ්‍රිතාන්‍යයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස 4ක් ඇති බව පාකිස්ථාන ජාතික වගවීම් විමර්ශන බියුරෝව (National Accountability Bureau ) කළ පරීක්ෂණයක දී හෙළි විය. නවාස් ෂරීෆ්ගේ දුවට සහ බෑණාට ද සිරදඬුවම් නියම  විය. නවාස් ෂරීෆ්ගේ ඥාතීන් සම්බන්ධයෙන් 2015 වසරේ දී පැනමා පත්‍රිකා මඟින් හෙළිදරව්  වීමත් සමඟ ඔහුගේ දේශපාලන දිවියට කණකොකා හැඬලීය. එරට ශ්‍රේෂ්ඨාධිකරණය නවාස් ෂරීෆ් දේශපාලනයට නොසුදුස්සෙකු වශයෙන් තීරණය කොට අවුරුදු 10ක සිර දඬුවමක් නියම කළේ ද මෙම සිද්ධිය හා බැඳුණු වත්කම් හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙනි. නවාස් ෂරීෆ් මහා බ්‍රිතාන්‍යයේ සිටිය දී දඬුව්ම නියම වුව ද ආපසු පාකිස්ථානය පැමිණීමට ඔහු කටයුතු කළේය.

ඔහුට දඬුවම් නියම වූයේ ඔහු ලංඩනයේ සිටින අතරවාරයේ දී ය. තීන්දුව ලබා දුන් වහා ඔහු සඳහන් කළේ එය දේශපාලනික පළිගැනීමක් බවයි. ඒ අතර ම ඔහු හමුදාව විවේචනය කළේය. නවාස් ෂරීෆ් කියා සිටියේ පාකිස්ථානයේ හමුදාව යනු රාජ්‍යයක් තුළ රාජ්‍යයක් වශයෙන් කලක් පැවතිය ද දැන් එය රාජ්‍යයටත් ඉහළින් ඇති දෙයක් බවයි. කෙසේවෙතත්, බොහෝ විචාරකයන්ගේ අදහස වන්නේ ද ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂයට හමුදාවෙන් සහාය ලැබුණු බවයි.

පාකිස්ථානයේ හමුදාව ශක්තිමත් වීම එය ඉන්දියාවෙන් වෙන් වූ යුගය දක්වා ඈතට ඇදී යයි.  බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස් ව ඉන්දියාව සහ පාකිස්ථානය වශයෙන් රාජ්‍යයන් දෙකක් වෙන් කිරීමේ දී එවක යටත් විජිත පාලනය යටතේ ක්‍රියාත්මක වූ හමුදා කණ්ඩායම්වලින් සියයට 33ක් පමණ හිමි වූයේ පාකිස්ථානයටයි. එය පාකිස්ථානයට දරා ගැනීමට නොහැකි තරම් දෙයක් වූ අතර මෙම බලවත් හමුදාව හිඩැසක් මතු වූ සෑම අවස්ථාවක දී ම එරට පාලන බලය අල්ලා ගත්තේය.

1999 ඔක්තෝබර් මාසයේ දී නවාස් ෂරීෆ්ගේ ආණ්ඩුව පෙරළා දමා ලේ නොසෙල් වූ හමුදා කුමන්ත්‍රණයක් මඟින් එවක ජෙනරල් පර්වේස් මුෂාරෆ් බලය අල්ලා ගත්තේය. නවාස් ෂරීෆ් සහ පාකිස්ථාන හමුදාව අතර එවක පටන් හොඳ හිතක් පැවතියේ නැත.

කෙසේවෙතත්, අභිනවයෙන් බලයට පත් වීමට යන ඉම්රාන් ඛාන් කිසිදු දිනෙක ආණ්ඩුවක් මෙහෙයවා නැත.  ඔහු විසින් නිර්මාණය කළ පීටීඅයි දේශපාලන පක්ෂය පාකිස්ථානය තුළ වඩා වේගයෙන් ම වර්ධනය වූ දේශපාලනය පක්ෂය වේ. එය පිහිටුවා ගැනෙන්නේ 1996 වස‍රේ දීයි.  ආරම්භයේ දී ඒ තරම් සාර්ථකත්වයක් පෙන්වීමට අපො‍‍හොසත් වූ එම පක්ෂය 2002 වසරේ දී පැවති මහමැතිවරණයේ දී දිනා ගැනීමට සමත් වූයේ එක් ආසනයක් පමණි. 2008 වසරේ දී එය මහ මැතිවරණය වර්ජනය කළ අතර 2013 වසරේ දී ඡන්ද මිලියන 7.5ක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව වැඩිම ඡන්ද ගණනක් ලබා ගත් දෙවැනි පක්ෂය බවට පත් විය.

සුබසාධන රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වන පීටීඅයි පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය, ආගම්වලට එරෙහිව ක්‍රියාත්මක වන වෙන් කොට සැලකීම් ආදිය පිටුදැකීම සිය දර්ශනය කර ගෙන සිටී. ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන නමක් හිමි කර ගත් ක්‍රීඩකයෙකි. 1992 වසරේ දී පාකිස්ථානය ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත්තේ ඔහු නායකත්වය යටතේය. ඉම්රාන් ඛාන් මේ වන විට 65 හැවිරිදි වියේ පසුවෙයි.  ඔහු දූෂණ විරෝධී නායකයෙකු ලෙසට මේ වන තෙක් පාකිස්ථානය තුළ නමක් දිනා ගෙන තිබේ. පාකිස්ථාන් හමුදාව සහ ඉම්රාන් ඛාන් අතර සම්බන්ධයක් නැති බව එම පාර්ශ්ව දෙක ම පසුගිය දිනවල දී ප්‍රකාශ කළ ඔවුන්ගේ හැසිරීම අනුව පෙනී යන්නේ හමුදාවේ පැහැදිලි සහාය ඉම්රාන් ඛාන් වෙත හිමි වී ඇති බවයි.




 

Sunday, November 14, 2021

ඇමරිකා - රුසියා දේශපාලනය


 දර්ශන අශෝක කුමාර 

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සහ රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ඓතිහාසික හමුවක් පසුගිය 16 වැනිදා ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර දී පැවැත්විණ. සමුළුව පැවැත්වුණේ ෆින්ලන්ත ජනාධිපති මන්දිරයේදීයි. ඔවුන් ජී 20 හැම්බර්ග් සමුළුවේදී ද වියට්නාමයේ පැවති APEC Vietnam 2017 සමුළුවේ දී නිල නොවන වශයෙන් මුණ ගැසී තිබුණ ද නිලවශයෙන් මුණ ගැසුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. 

පුටින් සහ ට්‍රම්ප්  දොරවල් වසාගෙන (behind closed doors) හෙවත් රහස් මට්ටමින් පැය දෙකක පමණ සාකච්ඡා පැවැත්වූහ. ඔවුනොවුන්ගේ භාෂා පරිවර්තකයන් හැර අන්කිසිවෙකුත් එහි නොසිටියහ. පසුව පැයක පමණ කාලයක් මාධ්යප සාකච්ඡාවක් පැවැත්වූහ. ඔවුන් රහස් සාකච්ඡාවේ දී කුමක් කථා බහ කළේ ද යන්න කිසිවෙක් නොදනිති. එම රහස් සාකච්ඡාව විනාඩි 90කට පමණක් කලින් සැලසුම් කර තිබුණ ද එය පැය දෙකක් දක්වා දික් ගස්සිණ. 

මෙම සමුළුව වැදගත් වන්නේ ට්‍රම්ප්  සහ පුටින් සම්බන්ධයෙන් තිබෙන විවිධ දූෂමාන ආරංචි හේතුවෙනි. එනම්, ඩොනල්ඩ් ට්රවම්ප් බලයට පැමිණි 2016 වසරේ ඇමරිකා ජනාධිපතිවරණයේ දී රුසියාව බලපෑම් කර ඇති බවට මෙම ආරංචි පැතිරණ. එසේත් නොමැති නම්, ජනාධිපතිවරණයේ දී ට්රේම්ප් සහ පුටින් අතර රහස් සංධානයක් පැවති බවට විවිධ අදහස් මතු විය. ට්‍රම්ප් ට බලයට පැමිණීමට පුටින් රහසින් උපකාර කළ බවට සාක්ෂි ද ඉදිරිපත් කරමින් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවත්වේ. 

ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ මේ වන විට සාර්ථක ලෙස සනාථ කර ඇති පරිදි රුසියාව 2016 වසරේ දී ඇමරිකා ජනාධිපතිවරණයට මැදිහත් වී තිබේ. සමුළුවෙන් සහභාගී වෙමින් පසු පළමුවෙන් ට්ර6ම්ප් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කිසිඳු ආකාරයකින් රුසියානු නායක ව්ලැද්මීර් පුටින් මහතා වගකිව යුතු නැති බවයි. එය මුළුමනින් ඇමරිකානු පාර්ශ්වයේ දොසක් ලෙස පිළිගත යුතු බව ඔහු කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඔහුගේ මිතුරන් ඇතුළු සාතිශය බහුතරයක විශාල විවේචනයක් ට්ර්ම්ප් වෙත පැය කිහිපයක් ඇතුළත ගලා එන්නට විය. නමුත් ඊට දිනකට පසු සිය ප්ර කාශය සම්පූර්ණයෙන් අනිත් පැත්තට හර වමින් ට්රගම්ප් සඳහන් කළේ තමන් පෙර දී කියූ ප්රසකාශය නිවැරදි නොවන බවත් රුසියාව සැබවින් ම ඇමරිකා එක්සත් ජනපදයේ 2016 ජනාධිපතිවරණයට මැදිහත් වූ බවට බුද්ධි අංශ කළ හෙළිදරව්ව සත්යව බව හා ඒ සඳහා රුසියානු බලධාරීන් වගකිව යුතු බවත්ය. 

පසුගිය ඇමරිකා ජනාධිපතිවරණයට මැදිහත් වීම සම්බන්ධයෙන් රුසියානු නිලධාරීන් 25 දෙනෙකු සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. ඉන් 13 දෙනෙකු ජනාධිපතිවරණයේ ප්ර්තිඵලය කෙරෙහි බලපෑම් කිරීමට ඍජුව මැදිහත් වී අති අතර 12 දෙනෙකු ඇමරිකා පරිගණකවලට රහසේ ඇතුළු වීම ඔස්සේ ඩිමොක්රැිටික් පක්ෂයේ ඊමේල් පණිවුඩ රහසේ ලබා ගැනීම සඳහා කටයුතු කර ඇත. රුසියා පාර්ශ්වයට හිලරි ක්ලින්ටන් පරාජය කිරීමේ පැහැදිලි වුවමනාවක් පැවති බව මෙතෙක් පැවති පරීක්ෂණ ඔස්සේ අනාවරණ වී තිබේ. 

රුසියාව ගෙන ගිය මෙම රහසිගත ව්යාපපාරයේදී සැබෑ ඇමරිකා වැසියන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්ය  ඔස්සේ ඇමරිකා ඡන්ද ව්යා්පාරයට බලපාන සකස් කරන ලද පණිවුඩ, වීඩියෝ, පුවත් ආදිය පළ කිරීම සිදු විය. ඊට අමතරව ක්ලිංටන්ට එරෙහි ඡන්ද ව්යාැපාරය සඳහා රුසියාව ඩොලර් මිලියන ගණනක් වියදම් කර ඇති බවද පරීක්ෂණවල දී අනාවරණ වී තිබේ. එපමණක් නොව, ඇමරිකා එක්සත් ජනපදය තුළ මැතිවරණ රැළි සංවිධානය කිරීම සඳහා ද රුසියාව කටයුතු කර ඇති අතර ඒ සඳහා විශාල වශයෙන් මුදල් වැය කොට තිබේ. 

ට්රිම්ප්ගේ     වූ හිලරි ක්ලිංටන්ට එරෙහි මඩ ප්රබචාර ගෙන යෑම ද සිදු වූ අතර ඒ ඔස්සේ ජනාධිපතිවරණයේ දී පැහැදිලි වාසියක් ට්‍රම්ප්  වෙත ගෙන දීමට රුසියාවට හැකිවිණ. කෙසේවෙතත්, දිගින් දිගටම ට්රරම්ප් සඳහන් කළේ තමන්ට ජයග්රවහණය කිරීම සඳහා රුසියානු පාර්ශ්වයෙන් සහයෝගයක් නොලැබුණු බවයි. ඒ අතර ම හෙල්සින්කි නුවර දී පුටින් හමු වීමෙන් පසු පැවති මාධ්යශ සාකච්ඡාවේ දී ට්ර ම්ප් කියා සිටියේ රුසියානු ජනාධිපතිවරයා ඇමරිකා ජනාධිපතිවරණයට මැදිහත් වීම සම්බන්ධයෙන් කරන ප්රයතික්ෂේප කිරීම තවදුරටත් ප්රධශ්න කිරීමට අවශ්යා දෙයක් නොවන බවයි. මෙම ප්රරකාශය ට්රකම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම ජ්යෙරෂ්ඨයන් බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට බඳුන් වූ අතර අතර සී.අයි.ඒ සංවිධානයේ හිටපු ප්රටධානී ජෝන් බ්රෙඨන්නන් කියා සිටියේ මෙම ප්රුකාශය රාජද්රෝෙහීත්වය තරම් බරපතළ දෙයක් මිස අනෙකක් නොවන බවයි. 

ට්රිම්ප්ගේ රුසියානු සම්බන්ධතා පිළිබඳ සැක කළ රිපබ්ලිකන් දේශපාලනඥයන් ඔහු සිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ තරගයට ඉදිරිපත් වීම වැළැක්වීමට බොහෝ කටයුතු කළහ. එහෙත් ඇමරිකාව පිළිගෙන ඇති ප්ර ජාතන්ත්ර වාදය ප්රබකාර ව එවැන්නක් සිදු කිරීමට රිපබ්ලිකන් ජ්යෙෙෂ්ඨයන්ට නොහැකි විය. කෙසේවෙතත්, ට්ර්ම්ප්ගේ මැතිවරණ ක්රි යාවලිය තුළ කුප්රමකට චරිත රැසක් සක්රීයය විය. ඒ අතර ට්රයම්ප්ගේ කළමනාකරු වශයෙන් කටයුතු කළ පෝල් මැනෆර්ට් ප්ර ධාන වෙයි. මැනෆර්ට් යනු රුසියානු සහ යුක්රේන දූෂිත කෝටිපති ව්යාෙපාරිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වූවෙකි. මෙය අනාවරණය වීමෙන් පසු මැනෆර්ට්ට ට්රිම්පගේ ජනාධිපතිවරණ ප්ර චාරක  ක්රිවයාවලියෙන් ඉවත් වීමට සිදු විය. එෆ්.බී. අයි. ආයතනය ඔහුගේ නිවසට කඩා වැදී හදිසි පරීක්ෂා කිරීමක් කළ අතර හසු වූ සැක කටයුතු දේ සමඟ නඩු පැවරීමට කටයුතු කෙරිණ. මේ වන විට මැනෆර්ට්ට එරෙහි ව ඇමරිකා ෆෙඩරල් අධිකරණයේ අපරාධ නඩු දෙකක් පැවරී ඇත. එකක් මුදල් විශුද්ධිකරණය යටතේ පැවරී ඇති අතර අනෙක අයථා සභාකක්ෂ මන්ත්රුණය (illegal lobbying) හෙවත් දේශපාලනඥයන් බිලී බා ගැනීමට කටයුතු කිරීමයි. 

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් කුප්රමකට පුද්ගලයා නම් කනිෂ්ඨ ඩොනල්ඩ් ට්රlම්ප්ය. ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්ර ම්ප්ගේ වැඩිමහල් පුත්ර යායි. රුසියානු නීතිඥයෙකු සමඟ රහස් සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. ට්රකම්ප් පාර්ශ්වයෙන් චෝදනාවට බඳුන් වී ඇති අනෙක් පුද්ගලයා වන්නේ ඉහළ හමුදා නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ මිෂෙල් ෆ්ලින් ය. එෆ්.බී.අයි. ආයතනයට අසත්යහ ප්‍රකාශ ලබා දීම, රුසියානු පාර්ශ්ව සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ ඒ ඔස්සේ ඩොනල්ඩ් ට්රෝම්ප් වෙත විශේෂ වාසියක් ලබා දීම ආදී ක්රි යා හේතුවෙන් ඔහුට එරෙහිව මේ වන විට චෝදනා එල්ල වී  තිබේ. 

ඩොනල්ඩ් ට්රරම්ප් ජනාධිපතිධුරයට පත් වී දින කිහිපයක් ඇතුළත දී ම තමන්ගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස පත් කර ගත්තේ මිෂෙල් ෆ්ලින්ය. ඔහු එවැනි වැදගත් තනතුරකට  පත් නොකරන ලෙස හිටපු ජනාධිපති බැරැක් ඔබමා ට්‍රම්ප් ට ප්‍රද්ධියේ අවවාද කළේය. ඊට හේතුව වූයේ ඔහු රුසියාව සමඟ පවත්වා තිබූ කුප්‍රකට සම්බන්ධතායි. 2017 ජනවාරි 20 වැනි දින  ජාතික ආරක්ෂක තනතුරට පත් කෙරුණු ෆ්ලින් පෙබරවාරි 13 තනතුරෙන් ඉවත් කෙරුණේ චෝදනා රැසක් සමඟිනි. 

මෙම සිද්ධි දාමයට සම්බන්ධ අනෙක් කුප්ර.කට පුද්ගලයා වශයෙන් හඳුනා ගැනෙන්නේ  වොෂිංටන්හි රුසියානු තානාපති වශයෙන් කටයුතු කළ සර්ජි කිස්ල්යැක්ය. ඊට අමතරව, ජෙෆ් සෙෂන්ස්, සැලී යේට්ස්, රොඩ් රොසෙන්ටයින්, රොබ් ගෝල්ඩ්ස්ටෝන් ඇතුළු තවත් විශාල පිරිසක් සම්බන්ධයෙන් එෆ්.බී.අයි. සංවිධානය මේ වන විට පරීක්ෂණ පවත්වයි. 

මෙම දේශපාලන ක්‍රීඩාවේ දී  තමන්ට මිළදී ගත හැකි ඇමරිකානු ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට හැකි වුණා නම් එය රුසියානු පාර්ශ්වය ලැබූ විශාල ජයග්රළහණයකි. ෆ්රැින්සිස් ෆුකුයාමා නම් අර්ථ ශාස්ත්ර්ඥයා පැවසුවේ ඇමරිකා සෝවියට් සීතල යුද්ධය අවසන් වීමෙන් පසු තවදුරටත් වෙනත් බලවේගයක් අනාගතයේ පෙරට පැමිණෙනු නැති බවයි. ඇමරිකා දෘෂ්ටිවාදය පමණක් රජ කරනු ඇති බව ඔහුගේ අදහස විය. එහෙත්, ෆුකුයාමා තවදුරටත් නිවැරදි නොවන බවක් පමණක් සිදු වෙමින් ලෝක සිද්ධීන් සමඟින් පැවසිය හැකිය. 




Saturday, November 13, 2021

නේටෝ බලය

 




දර්ශන අශෝක කුමාර 

නේටෝ සංවිධානයේ මේ වසරේ (2018) සමුළුව බෙල්ජියමේ බ්රුසල්ස් නුවර දී පසුගියදා පැවැත්විණ.  නේටෝ සංවිධානයට අයත් රටවල රාජ්යලය නායකයන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වුණු අතර එය නේටෝ සංවිධානයේ 29 වැනි රාජ්යී නායක නිල සමුළුව වශයෙන් හැ‍ඳින්වේ. 

මෙම සමුළුව ලෝක මට්ටමින් ඉතා වැදගත් හමුවක් වන අතර නේටෝ සංවිධානයේ ඉදිරි ගමන පිළිබඳ සාකච්ඡා කෙරෙන්නේ මෙම සමුළුවේ දීයි. මෙවර නේටෝ සමුළුවේ දී ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම්  සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු වීම කලාපීය වශයෙන් ද වැදගත් වෙයි. 

නේටෝ යනු උතුරු අත්ලාන්තික සම්මුති සංවිධානයයි (North Atlantic Treaty Organization). නේටෝව ගොඩනැඟී ඇත්තේ ම හමුදා කටයුතු අරමුණු කර ගනිමිනි. අන්තර් රාජ්යඋ හමුදා සංධානයක් (intergovernmental military alliance) ලෙසින් හැඳින්වෙන නේටෝවෙහි සාමාජිකයන් වන්නේ ලෝකයේ හමුදා ශක්තිය අතින් ද ආර්ථික ශක්තිය අතින් ද බලවත් ම රාජ්යමයන් වේ. උතුරු ඇමරිකානු මහද්වීපයටත් යුරෝපා මහද්වීපයටත් අයත් රටවල් 29ක් පමණ මෙම සංවිධානයේ සාමාජිකයෝ වෙති. 

නේටෝ ව බිහි කර ගැනෙන්නේ 1949 වසරේ අප්රේ ල් මස 04 වැනි දින අත්සන් කරන ලද උතුරු අත්ලාන්තික සම්මුතිය (North Atlantic Treaty) පාදක කර ගනිමිනි. නේටෝවේ දර්ශනය වන්නේ සාමූහික ආරක්ෂාව යන සංකල්පයයි. එනම් කිසියම් නේටෝ රටකට බාහිර පාර්ශ්වයකින් ප්ර්හාරයක් එල්ල වුවහොත් නේටෝ සංගමයේ සෙසු රටවල් ද සාමූහිකත්වයකින් යුක්ත ව ප්ර්හාරයට ලක් වූ රට සමඟ කටයුතු කරයි. නේටෝ මූලස්ථානය පිහිටා ඇත්තේ බෙල්ජියමේ බ්ර්සල්ස් නුවරයි.  1949 වසරේ දී නේටෝව හමුදා අරමුණින්වලින් නිර්මාණය කර ගැණුන ද කොරියානු යුද්ධය වන තුරු ඒ සඳහා හමුදාමය වැදගත්කමක් තිබුණේ නැත. ඒ වන තෙක් එය හුදෙක් දේශපාලන සංවිධානයක් පමණක් විය. නමුත් පසුකාලයේ දී ලොව ප්ර බලතම හමුදාමය රාජ්යත එකමුතුව බවට එය පත් විය. 

මෙවර නේටෝ සමුළුවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රොම්ප් මහතාගේ සහභාගීත්වය විශේෂත්වයකි. නේටෝ සාමාජිකයන් සිය ආරක්ෂක වැය වශයෙන් අඩුම තරමින් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් වත් වැය කළ යුතු වේ. එහෙත් මෙවර සමුළුවට සහභාගී වෙමින් ඩොනල්ඩ් ට්රමම්ප් අවධාරණය කළේ නේටෝ රටවල් අඩු ම වශයෙන් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් පමණවත් ආරක්ෂක කටයුතු සඳහා වෙන් කළ යුතු වන බවයි. 

ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටවල් රැසක් නේටෝවට අයත් වන බැවින් රටවල් 29ක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් යනු අතිවිශාල මුදලකි. ජර්මනිය ආරක්ෂක අංශ වෙනුවෙන් වැය කරන මුදල ඩොනල්ඩ් ට්රයම්ප්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ට්රවම්ප්ගේ අදහස වන්නේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය කරන කැපවීමට සාපේක්ෂ ව  ජර්මනිය ප්රුමුඛ යුරෝපයෙන් ලැබෙන්නේ අඩු දායකත්වයක් බවයි. ඔහු නොකියා කියා සිටියේ ජර්මනිය අනුන්ගේ පහනෙන් එළිය බැලීමට සූදානම් වන බවකි. 

නේටෝව ආරම්භ වන්නේ ම  1940 දශකයේ පටන් පැවති සීතල යුද්ධයේ ප්රනතිඵලයක් වශයෙනි. එනම් සෝවියට් සමූහාණ්ඩුවෙන් එල්ල විය  හැකි යුද අභියෝගයකට මුහුණ දීම සඳහා ප්රිතිවාදී රටවල් සකස් කිරීමේ වුවනාව අනුවයි. සීතල යුද්ධය පැවති සමයේ දී ලෝකය දෘෂ්ටිවාද දෙකක් මත පාලනය විය. එකක්  සමාජවාදය වන අතර අනෙක ලිබරල් ප්රිජාතන්ත්රාවාදය හෙවත් ධනවාදයයි. සෝවියට් සමූහාණ්ඩුව සමාජවාදය මත ක්රිලයාත්මක වූ අතර ඇමරිකා එක්සත් ජනපදයත් නේටෝවේ සෙසු රටවලුත් ලිබරල් ප්රිජාතන්ත්රවවාදය හෙවත් ධනවාදය මත ක්රිසයාත්මක විය. එනයින්, මෙම ලෝක කඳවුරු දෙක 1990 දශකය වන  තුරු පර සතුරු කලාප දෙකක් වශයෙන් ක්රිායාත්මක වූ අතර එකිනෙකා අවි ආයුධ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අතිවිශාල මූල්යර සම්භාරයක් වැය කළේය. 

රුසියාවෙන් එල්ල විය හැකි අභියෝග නිසා ඇමරිකා එක්සත් ජනපදය සීතල යුද්ධය පැවැති සමයේ දී යුරෝපය තුළ ඇමරිකා සෙබළුන් ලක්ෂ 4ක් පිහිටුවා තිබූ අතර මේ වන විට සිටින්නේ ඇමරිකා සෙබළුන් 60,000ක් පමණි. එයින් ද  වැඩිම පිරිසක් රදවා ඇත්තේ ජර්මනියේයි. 

ඇමරිකා එක්සත් ජනපදය යුරෝපයේත් තමන්ට හිතවත් වෙනත් නේටෝ සාමාජිකයන්ගේත් ආරක්ෂාව පිළිබඳ සැලකීමෙන් තොර ව නේටෝ නොවන රාජ්යකයක් වන ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම විශේෂත්වයකි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රමම්ප්ගේ යෝජනාව වූයේ  ඇෆ්ගනයේ ක්රි යාත්මක වන දීර්ඝ කාලීන යුද්ධය අවසන් කිරීමට නේටෝ සංවිධානය ප්රවමුඛ අවධානය යොමු කළ යුතු බවයි. නේටෝ සාමාජිකයන් නොවන ඇෆ්ගනිස්ථානයේ නායක අෂ්රෆ් ඝානිට සහ යුක්රේනයේ පෙත්රෝි පොරෂෙන්කෝට  බ්රනසල්ස් නුවර පැවැත්වෙන සමුළුවට ආරාධනා කර තිබිණ. 

ඩොනල්ඩ් ට්රයම්ප් බලයට පැමිණීමෙන් පසු පසුගිය වසරේ දී ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්රලහාර එල්ල කෙරුණු අතර තලෙබාන් ත්රයස්තවාදීන් සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවට දිගින් දිගට ඔහු බලපෑම් කළේය. ඔහුගේ පාලන කාලය තුළ දී හමුදා සෙබළුන් 3,000කින් යුතු අතිරේක බලඇණියක් ඇෆ්ගනිස්ථානයට යොමු කෙරුණු අතර මේ වන විට ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා සෙබළු 15,000ක් පමණ සිටිති.කෙසේවෙතත්, ඩොනල්ඩ් ට්රගම්ප්ගේ මතය වන්නේ වසර 17ක් පුරා දිවෙන ඇෆ්ගන් යුද්ධය හැකි ඉක්මනින් අවසන් විය යුතු බවයි. 

ඇෆ්ගනිස්ථාන ගැටුම සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් නොලැබෙන බැවින් බැරක් ඔබාමා පාලනයට අවශ්ය  වූයේ සිය හමුදා කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමටයි. ඒ අනුව නේටෝ සංවිධානය විසින් 2014 වසරේ දී නිල වශයෙන් ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමට යෝජනා කෙරිණ. නේටෝව පවතින ගැටුමට විසදුමක් ලෙස යෝජනා කළේ ඇෆ්ගනිස්ථානයේ සෙබළුන්ට පුහුණුව ලබා දී තමන්ගේ සාමාජිකයන් එරටින් ඉවත් කර ගැනීමයි. එහෙත් තවමත් ඇෆ්ගනිස්ථානයෙන් සියයට 70කට වැඩි ප්රිමාණයක් පාලනය කරන්නේ තලෙබාන් සංවිධානයයි. මෙනයින්, නේටෝව අවුරුදු 17කට වැඩි කාලයක් ගත් ව්යාතයමය සාර්ථක වී නැති බව ප්රනත්යුක්ෂ වෙයි. 2014 වසරේ දී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට තීරණය කළ නේටෝව නැවතත් ආපසු තමන්ගේ ප්රගමුඛත්වය ලබා දීම දෛවෝපගත සිද්ධියක් බවට පත් වී තිබේ. 

සමුළුව අමතමින් මහා බ්රිාතාන්යෝ අග්රාවමාත්යබ තේරේසා මේ කියා සිටියේ ඇෆ්ගනිස්ථානයට තවත් සෙබළුන් යොමු කිරීමට කැමති බවයි. ඇය සඳහන් කළේ නේටෝව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක දී අවශ්යක පහසුකම් සැපයීමට සූදානම් බවයි. තවත් නේටෝ රටවල් කිහිපයක් ඇෆ්ගනිස්ථාන යුද්ධය වෙනුවෙන් සහයෝගය දැක්වීමට එකඟ වුව ද එසේ කිරීමෙන් රුසියාවේ උදහසට තමන් ලක් විය හැකි බව සඳහන් කළේය. මේ හේතුවෙන් රුසියාව සමඟ ඇති දේශසීමා අර්බුද උග්ර  විය හැකි බව ද ඔවහු කියා සිටියහ. 

මෙවර සමුළුවේ දී 2024 වසර වන තෙක් අරමුදල් වෙන් කර ගැනීමට යෝජනා කෙරිණ. එහෙත් මෙහි  දී පවතින ප්රකධාන අභියෝගය නම් නේටෝ රටවල ජනතාවගෙන් එල්ල වන විරෝධයයි. බොහෝ රටවල ආර්ථික අවපාතයක් පසුගිය සමය තුළ දී දැක ගැනීමට ලැබුණු අතර නේටෝ රටවල පොදු ජනතාවගෙන් එල්ල වන චෝදනාව නම් තමන් නොදන්නා රටවල යුද්ධ වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරන්නේ ඇයි ද යන්නයි. 

මෙවර නේටෝ සමුළුවේ දී ජෝර්ජියාව, මැසිඩෝනියාව සහ යුක්රේනය පිළිබඳ ව ද සාමාජික රටවල අවධානය යොමු විය.  යුක්රේනය නේටෝව සමඟ සම්බන්ධතා පැවැත්වීම මෙහි දී වැදගත් වන්නේ එරට බලය රුසියානු හිතවාදී කඳවුරක සිට නේටෝ හිතවාදී කඳවුරකට මාරු වීම හේතුවෙනි. මේ නිසා පොරෂෙන්කෝගේ පාලනය රුසියාවේ උදහසට ලක් වීම වැළැක්වීමට නොහැකි වනු ඇත.



පෙට්‍රෝලියම් දේශපාලනය

 
දර්ශන අශෝක කුමාර 

පෙට්‍රෝලියම්  දේශපාලනය (Petroleum politics) යනු අන්තර්ජාතික සම්බන්ධතා අධ්යරයනය තුළ දී නිරන්තරයෙන් කථා බහට ලක් වන මාතෘකාවකි. එබැවින් එය රාජ්යන තාන්ත්රි‍කකරණයේ එක්තරා පැතිකඩක් බවට පත් වී තිබේ. පෙට්‍රෝලියම්   දේශපාලනය පිළිබඳ කථිකාවත මූලික වශයෙන් ගොඩනැ‍ඟෙන්නේ 20 වැනි සියවසේ මුල් භාගයේ දී ය. විශේෂයෙන් මැදපෙරදිග කලාපය තුළ පෙට්‍රෝලියම්  කර්මාන්තය වර්ධනය වීමත් සමඟින් පෙට්රෝිලියම් දේශපාලනය යන අධ්යතයන පරාසය ද වර්ධනය වන්නට විය. 

ඛනිජ තෙල් නිසා ලෝක ඉතිහාසය වෙනස් වී ඇත. දරුණු යුද්ධ හට ගෙන ඇත. එනයින්, ඛනිජ තෙල් යනු තවදුරටත් සාමාන්යස භාණ්ඩයක් නොව දේශපාලනික භාණ්ඩයකි. භූදේශපාලනික ගැටුමකට (geopolitical battle) නිරන්තරයෙන් පණ පොවන්නකි. 

මිනිසුන් පෙට්‍රෝලියම්  භාවිත කිරීම අරඹන්නේ අද ඊයේ නොවේ. දැනට ඇති සාධක අනුව මීට වසර 5,000කට ඉහත දී ද පෙට්රෝඹලියම් භාවිත කර තිබේ. යුද්ධවල දී පෙට්රෝීලියම් භාවිත කර ඇත. එහෙත් පෙට්රෝතලියම් ලෝක ආර්ථි‍කයේ මේ සා ඉඩක් වෙන් කර ගන්නේ කාර්මික විප්ලවයෙන් පසුවයි. විශේෂයෙන් 20 වැනි සියවසේ දෙවැනි භාගයේ දී යි.

කාර්මිකකරණයේ ප්රයතිඵලයක් මේ වන විට වසරකට ලොව පුරා මිනිසුන් ඛනිජ තෙල් බැරල මිලියන 35,000කට වඩා භාවිත කරති. ලෝකයේ වැඩිම ඛනිජ තෙල් ප්රෝමාණයක් නිෂ්පාදනය කරන රට වන්නේ රුසියාවයි. දෙවැනි තැනට සෞදි අරාබිය සිටී. තුන් වැනි විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඉරාකය, සිව්වැනි ස්ථානයේ සිටින අතර චීනය පස්වැනි ස්ථානයේ සිටී. 

ඛනිජ තෙල් පාදක කර ගත් දේශපාලනයේ නවතම කථාබහක් පසුගියදා ඇති වුණේ ඉරානයෙන්  තෙල් මිළ දී ගැනීම කප්පාදු කරන ලෙසට ඇමරිකා එක්සත් ජනපදය සිය මිත්රෙ රටවලින් කළ ඉල්ලීමත් සමඟිනි. නොවැම්බර් මාසය වන විට එරටින් මිළ දී ගන්නා තෙල් සම්පූර්ණයෙන් නවතා දමන ලෙසයි ඇමරිකාව සිය මිතුරන්ගෙන් ඉල්ලා ඇත්තේ. ඉරානයේ ඛනිජ අපනයනය සම්බන්ධයෙන් මීට පෙර ද සම්බාධක පැවතිය ද එරට න්යනෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමඟ ඔබාමා පාලනය පැවති සමයේ දී ගිවිසුමක් අත්සන් කිරීමෙන් සම්බාධක බොහෝ දුරට ඉවත් කෙරිණ. 

එහෙත් නැවතත්, වත්මන් ඇමරිකා නායක ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනක කියා සිටියේ ඉරානය සමඟ ඇති කර ගත් ගිවිසුමින් ඉවත් වන බවයි. මෙම ගිවිසුම නිර්මාණය කිරීමේ මහමොළකරුවෙකු වූ හිටපු ඇමරිකා රාජ්යන ලේකම් ජෝන් කෙරී ව ද ට්ර ම්ප් විටින් විට උපහාසයට ලක් කළේය. 2015 වසරේ දී ඉරානයේ ටෙහෙරාන් නුවර දී අත්සන් තැබුණු මෙම ගිවිසුමේ පාර්ශ්වකරුවන් වූයේ ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, ජර්මනිය, ප්රංනශය සහ මහා බ්රිේතාන්යයය යන රාජ්යුයනුයි. ඉරානය න්යාෂ්ටික බලයෙන් යුතු යුරේනියම් සඵලකරණය අත්හිටුවීමට මෙම ගිවිසුම යටතේ එකඟ වූ අතර ඒ අනුව එරටට එරෙහි සම්බාධක ද ඉවත් කිරීමට පියවර ගැණින. මේ අනුව, සත්යජ වශයෙන් ම ඉරානය තමන්ගේ න්යකෂ්ටික බලාගාර වසා දැමූ අතර අර්ධ වශයෙන් සඵලකරණයට ලක් කර තිබූ යුරේනියම් රුසියාවට යැවීය. අන්තර් ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ නියෝජිතයන්ට ද බාධාවකින් තොරව ඉරානය තුළ ඇති න්යාෂ්ටික අඩෙවි නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් සැලසිණ. 

ඉරානයේ දිගුකාලීන සතුරෙකු වන ඊශ්‍රායලය   විසින් පැහැදිලි ලෙස සනාථ නොකළ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසුයේ ඉරානය රහසේ න්ය්ෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ කාර්යය සිදු කරන බවයි. ඉරානය සහ ඊශ්‍රායලය   අතර පරසතුරුභාවය තවත් වර්ධනය වීමට හේතුවක් නම් ඉරානයේ හමුදා සිරියාවේ යුද කටයුතුවලට මැදිහත් වීමයි. ඊශ්රාහයලයේ ඊසාන දිග ප්රඉදේශවලට ආසන්න සිරියානු දේශසීමාවේ ඉරාන භටයන් සිටීම තමන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව ඊශ්රානයලය කල්පනා කළේය. 

ඊශ්‍රායලය   අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අදහස් ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  අදහස් සමඟ මනා ලෙස පෑහුණු අතර ඉරානයට එරෙහි ඇමරිකා ප්රරතිපත්තිය තවත් ශක්තිමත් විය. ඇමරිකා විදේශ ප්රතතිපත්තිය සකස් කිරීමේ දී බලයේ සිටින ජනාධිපතිවරයා කවුරුන් වුවත් ඊශ්රාරයලයේ මතය ඉතා වැදගත් වේ. ඊට හේතුව නම් ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය තුළ ඇති අතිප්රයබල යුදෙව් ශක්තියයි. මෙම යුදෙව් බලය පාදක කර ගනිමින් වරක් බෙන්ජමින් නෙතන්යාහු ඔබමා පාලනය පවතින සමයේ දී කොංග්ර සයට පැමිණ කොංග්රනසය තුළ දී ම ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළේය. 

මේ සියලු කරුණු මධ්ය යේ ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සීමා කරන ලෙසට ට්ර ම්ප් කළ දැනුම් දීමත් සමඟින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 3.91කින් ඉහළ ගියේය. ඉරාන තෙල් සීමා කිරීමත් සමඟ තමන්ට හිතවත් සෙසු අරාබි රටවලින් වැඩි වශයෙන් තෙල් නිෂ්පාදනය කරන්නැයි ට්රසම්ප් ඉල්ලීමක් ද කළේය. 

ඉරානයෙන් වැඩිම තෙල් ප්රරමාණය් මිළ දී ගන්නා රට වන්නේ චීනයයි. ඉන්දියාව දෙවැනි ස්ථානයේ ද චීනය තුන් වැනි ස්ථානයේ ද සිටී. ඇමරිකා එක්සත් ජනපදය ඉරානයෙන් තෙල් මිළ දී ගන්නා ප්රැධාන රටවල් 10 අතරේ හෝ නැත. එහෙත් ඇමරිකාව මෙහි දී කරන්නේ ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල  සහ සමාගම්වලට ද එරෙහි ව සම්බාධක පැනවීමයි. 

එහෙත් ඉරානයට එරෙහි මෙවර සම්බාධකය පසුගිය සම්බාධකය මෙන් සාර්ථක වේ දැයි සැක සහිතය. කිසියම් රටක් ඛනිජ තෙල් අපනයනය කිරීමෙන් ලබන ආදායම හඳුන්වන නාමය වන්නේ පෙට්රොරඩොලර් (petrodollar) යන්නයි. මෙම පෙට්රො ඩොලර් පෙට්රොනයුවාන් (petro-yuan) බවට පත් වීමේ අවදානමක් ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති. යුවාන් යනු චීනයේ මුදල් ඒකකයි. ඇමරිකාව පවතින තෙල් අධිරාජ්යයය යම් අයුරකින් චීනය අතට ට්රකම්ප්ීගේ තීරණය ඔස්සේ පත් වීමේ හැකියාවක් ද ඇත. සම්බාධක පැනවුව ද චීනය ඉරානයෙන් තෙල් මිළ දී ගැනීම නවත්වන්නේ නැත. මේ නිසා ඩොලරය වෙනුවට චීනය යුවානය අන්තර්ජාතික වෙළෙඳාම සඳහා භාවිත කරන මුදල් ඒකකයක් බවට පරිවර්තනය වීමට පුළුවන.  මේ වන විටත් සාමාන්යේයෙන් දිනකට තෙල් බැරල් හයලක්ෂ පනස් පන් දහසක් පමණ චීනය ඉරානයෙන් ආනයනය කරයි. ට්රලම්ප්ගේ තර්ජනයෙන් පසු ඉරාන ධූත පිරිසක් චීනයේ සංචාරය කරමින් ඉල්ලා සිටියේ තමන්ගේ තෙල් වැඩි වශයෙන් මිළ දී ගන්නා ලෙසයි. ඔබාමා පාලනය යටතේ 2012 වසරේ සිට 2015 දක්වා ඉරානයට එරෙහි ව සම්බාධක පැවති අවස්ථාවේ දී ද චීනය ඉරානයේ තෙල් නිෂ්පාදනයෙන් අඩකට වඩා මිළ දී ගත්තේය. 

ඇමරිකාව ඉරාන තෙල් ආනයනය කරන ලෙස සිය හිතවතුන්ගෙන් ඉල්ලුව ද ඔවුන් සියලු දෙනා ද මෙවර ඇමරිකා තීරණයට එකඟ වේ යැයි සිතිය නොහැකිය. ඉරාන න්යලෂ්ටික ගිවිසුම අත්සන් කොට සම්බාධක ඉවත් කළ පසුගිය කාල සීමාව තුළ දී බොහෝ යුරෝපීය රටවල් ඉරානය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් තබා ඇති අතර ඒ මත ආර්ථික කටයුතු ආරම්භ කොට තිබේ. උදාහරණයක් ලෙස එක් ප්රංාශ සමාගමක් ඉරානයේ ඛනිජ තෙල් ක්ෂේත්ර යේ ඇමරිකා ඩොලර් බිලියන 5ක මුදලක් ආයෝජනය කර ඇත. බ්රිේටිෂ් පෙට්රෝාලියම් සමඟ ඉරාන තෙල් සමාගම් සමඟ හවුල් ව්යා්පාර ආරම්භ කර ඇත. 

නව සම්බාධකවලින් නව ගිවිසුම් සියල්ල කඩා කප්පල් වනු ඇත. කෝටි ප්ර කෝටි ගණනක යුරෝපීය ධනය අපතේ යනු ඇත. එයාර් බස් සමඟ ගුවන් යානා 100ක් ද බෝයිං සමාගම ගුවන්යානා 80ක් ද ඉරානයට අලෙවි කිරීමට අත්සන් තබා ඇත. මේ අනුව යුරෝපය ද මෙවර ඉරාන සම්බාධක සමඟ සියයට සියයක් එකඟ වන බවක් පෙනෙන්නට නැත්තේ යුරෝපා සංගමයේ බලධාරීන් මෑතක දී වරින් වර කළ ප්‍රකාශත් සමඟිනි. 





මානව හිමිකම් කවුන්සිලය හා ඩොනල්ඩ් ට්‍රම්ප්

 

 දර්ශන අශෝක කුමාර

 ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයෙන් පසුගියදා ස්වකැමැත්තෙන් ඉවත් විය. ඔවුන් ඉවත් වූයේ ජගත් මානව හිමිකම් කවුන්සිලය යනු දේශපාලන පාක්ෂිකත්වයේ වසුරු වළක් (cesspool of political bias) බවට චෝදනා කරමිනි.

මානව හිමිකම් කවුන්සිලය සඳහා වන  ඇමරිකා නියෝජිතවරිය වන  නිකී හේලේ කියා සිටියේ කවුන්සිලය තුළ දී මානව හිමිකම් විහිළුවකට ලක් වෙමින් තිබෙන බවයි. කෙසේවෙතත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනය තුළ බරපතළ ම වැදගත්කමක් හිමි කරගත් ක්ෂේත්‍රයක් ලෙස මානව හිමිකම් හඳුනා ගැනීමට හැකිය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම යන තේමාව පාදක කර ගනිමින් ම ඇතැම් රාජ්‍යයන් වෙත මැදිහත් වීම ද වරින් වර සිදු විය.

මානව හිමිකම් පිටුපස ඇත්තේ ප්‍රංශ විප්ලවයේ සිට පැවත එන අදහස් පද්ධතියකි. එය බොහෝ දුරට බටහිර ලෝකය තුළ නිපන් ප්‍රතිමාන පද්ධතියක් මත පිහිටා ඇත. මානව හිමිකම් මඟින් අවධාරණය කෙරෙන බොහෝ සංකල්ප විප්ලවයෙන් පසු බිහි වූ ප්‍රංශ ව්‍යවස්ථාව තුළ ද දැක ගැනීමට ලැබිණ. උදාහරණයක් ලෙස තනි පුද්ගලයාගේ අයිතීන් පිළිබඳ අදහස කරළියට පැමිණෙන්නේ ද ප්‍රංශයෙනි.

ඇමරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීම හදිසි ක්‍රියාවක් ලෙස පෙනී ගිය ද මෙය කිසිසේත් හදිසි ක්‍රියාවක් වශයෙන් හඳුනා ගැනීමට නොහැකි බව මෑත ඉතිහාසය විමසා බැලීමේ දී සනාථ වෙයි.  ඇමරිකා එක්සත් ජනපදයට මානව හිමිකම් කවුන්සිලය තුළ දී අවස්ථා කිහිපයක තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවා ගැනීමට නොහැකි වන බව පෙනී ගියේය. ජෙරුසෙලමේ නව ඇමරිකානු තානාපති කාර්යාලයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ඇති වූ අර්බුදය ඊට මනා උදාහරණයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වුවමනාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව වඩා හොඳින් පෙනී ගියේ  මෙම සිද්ධියේ දී ය. එහෙයින්, ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චෝදනා කළේ මානව හිමිකම් කවුන්සිලය යනු මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ගේ ගුහාවක් වී ඇති බවයි. ඔහු එහි දී ප්‍රධාන වශයෙන් ඇඟිල්ල දිගු කළේ චීනයට සහ තම මතයට අවනත නොවන රටවලටයි.  

2017 වසරේ දී චීනයේ අනුග්‍රහය යටතේ සාර්ථක ලෙස කවුන්සිලයට යෝජනාවක් ගෙන ඒමට හැකි විය. ඒ ඔස්සේ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින බටහිර අදහසට වඩා වෙනස් වූ ආකාරයේ ආකෘතියක් හෙවත් චීන මොඩලයක් ගෙන ඒමේ ආරම්භක පියවර තැබීමට හැකිවිය.

ජගත් මානව හිමිකම් කවුන්සිලය යනු සාමාජික රටවල් 47කින් යුතු ආයතනයකි. කවුන්සිලයට සාමාජිකයන් පත් කර ගැනෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ය.  

මෑත භාගය වන විට එක්සත් ජාතීන්ගේ ආයතනවල දක්නට ලැබුණු ප්‍රවණතාවක් නම් චීනය සහ රුසියාව එක් ව ඒවායේ ඇති බල සංතුලනය වෙනස් කිරීමයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට තිබූ සියල්ල කර ගැනීමේ බලය මෑතභාගයේ දී අභියෝගයට ලක් වන්නට විය. රුසියාවටත් වඩා මෙහිදී වැඩිම බලපෑමක් කරන්නේ චීනයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් ගැනීමට නියමිත වූ තීරණ කීපයක් ආපසු හැරවීමට චීනයට සහ රුසියාවට හැකිවිය. ඒ තමන් ලබා දෙන දායක මුදල් නවතා දමන බවට තර්ජනය කිරීමෙනි. චීනය මානව හිමිකම් සම්බන්ධයෙන් බටහිර ලෝකය වෙතින් දිගින් දිගට චෝදනාවලට ලක් වන රාජ්‍යයකි.  

එහෙත් චීනය සදහන් කරන්නේ තමන් සතුව ඇත්තේ තමන්ට ම අනන්‍ය වූ මානව හිමිකම් ක්‍රමයක් බවයි. එය බටහිර දී පුද්ගල නිදහස මත කේන්ද්‍ර වූව ද නැගෙනහිර දී සමූහය මත කේන්ද්‍ර විය යුතු බව චීනයේ අදහසයි. මෙම චීන මොඩලයේ දී භාෂණයේ නිදහස, මත දැරීමේ නිදහස වැනි දේට වඩා ආර්ථික ශක්තිය සහ ජාතික සංවර්ධනය ප්‍රමුඛ යැයි සිතනු ලැබේ.  චීන බලයට මානව හිමිකම් කොමිසම නතු වීම ඇමරිකා එක්සත් ජනපදය නොරිස්සූ අතර මානව හිමිකම් කරන්නන්ගේ රජ දහනක් බවට එය පත් වී ඇති බව සඳහන් කළේ එහෙයිනි.

2006 වසරේ මාර්තු මස 15 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බිහි කර ගැනෙන්නේ ම මෙම කඹ ඇඳීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කවුන්සිලය බිහි වීමට පෙර පැවතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමයි. මානව හිමිකම් කොමිසම 1946 වසරේ සිට 2006 වසර දක්වා ක්‍රියාත්මක විය. මානව හිමිකම් කොමිසම තුළ මානව හිමිකම් කඩ කරන රාජ්‍යයන් රැසක් ඇති බවට එල්ල වූ චෝදනාවල ප්‍රතිඵලයක් වශයෙන් එවක ජගත් මහ ලේකම් කොෆී අන්නන්ගේ නායකත්වය යටතේ මානව හිමිකම් කවුන්සිලය බිහි කර ගත් අතර දැන් නැවතත් ඇමරිකානු පාර්ශ්වයෙන්  පැරණි චෝදනාව ම ‍එල්ල වෙමින් පවතී. ලෝකයේ ප්‍රධානතම මානව හිමිකම් කඩ කරන්නන් වශයෙන් හඳුනා ගෙන ඇති පිලිපීනය, සෞදි අරාබිය, ඊජිප්තුව, වෙනිසියුලාව ආදී රටවල් ද වර්තමාන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් 47 දෙනා අතර වෙයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ වාද විවාද පවතී.  අනෙක් රාජ්‍යයන්ට කුහකත්වය පිළිබඳ චෝදනාව එල්ල කරන ඇමරිකා එක්සත් ජනපදය ම ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් දිගින් දිගට පෙනී සිටී. පසුගිය දා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වීමට හේතුව වශයෙන් ඉදිරිපත් කළේ ද ඊශ්‍රායලය සම්බන්ධයෙන් එම කවුන්සිලය ‍තුළ අසාධාරණ මතයක් පවතින බවයි. සත්‍ය වශයෙන් ම මානව හිමිකම් කවුන්සිලය තුළ බහුතරයක් රාජ්‍යයන් සිටින මතය වන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු වන මානව හිමිකම් කඩවීම්වලට ඍජුව වග විය යුතු බවයි. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදයත් ඊශ්‍රායලයත් අතර දීර්ඝ කාලයක් පවතින ඉතා සමීප සම්බන්ධය නිසා ඇමරිකා එක්සත් ජනපදය ගන්නේ මිතුරාගේ පාර්ශ්වය මිස සත්‍යයේ පාර්ශ්වය නොවන බව පෙනී යයි.  

තමන්ගේ ඉවත් වීම නිවේදනය කරන අවස්ථාවේ දී ඇමරිකා නියෝජිතයන් පෙන්වා දුන් කරුණක් වූයේ චීනයේ හිතවත් රාජ්‍යය වන උතුරු කොරියාව මානව හිමිකම් බිඳ දැමීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවයි. කෙසේවෙතත්, ඇමරිකා එක්සත් ජනපදයේ මෙම ඉවත් වීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපායමාර්ගික පැන යෑමක් යන්න තවමත් පැහැදිලි නැත.

එහෙත්, ඇමරිකාවේ ඉවත් වීමෙන් චීනයට ස්වර්ණමය අවස්ථාවක් උදා වෙයි. ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම ඇති එකම ජාත්‍යන්තර ආයතනය වන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලයයි. චීනයේ අනාගත බලය සමඟ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති සුසමාදර්ශ මාරු වීමේ අවස්ථාවක් ද පවතී. චීනය විසින් දීර්ඝ කාලයක් ඉදිරිපත් කරමින් සිටින මානව හිමිකම් සම්බන්ධ චීන මොඩලයක් තුළින් බටහිර හෙජමොනික බලය බිඳ දැමීමේ උත්සාහයක ඔවුන් නිරත වනු ඇත. එනම්, අප මෙතෙක් මානව හිමිකම් යැයි පිළිගත් දේ සහ ඒ සඳහා පැවති ප්‍රමිති සඳහා අලුත් අර්ථ කථනයක් හිමි වීමට ඉඩ තිබේ.  



උතුරු කොරියා - භූ දේශපාලනය

 

දර්ශන අශෝක කුමාර

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ජූනි මස 12 වෙනිදා සිංගප්පූරුවේ දී පැවති සාකච්ඡා මුළු ලෝකයේ ම අවධානය දිනා ගත්තේය. ඊට මූලික හේතුවක් වූයේ උතුරු කොරියාව සතු න්‍යෂ්ටික බලයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් වූ සම්මුතියක් පවත්වාගෙන යයි. එය හැඳින්වෙන්නේ න්‍යෂ්ටික අවි අසඵලකරණය පිළිබඳ සම්මුතිය( Treaty on the Non-Proliferation of Nuclear Weapons) ලෙසයි. මෙම සම්මුතිය ඇති කර ගැනෙන්නේ 1960 වසරේ ජූලි මස 01 වැනි දිනයි. මේ වන විට ලෝකයේ රටවල්වලින් අතිවිශාල සංඛ්‍යාවක් එහි සාමාජිකත්වය ගෙන ඇති අතර සම්මුතියේ වර්තමාන පාර්ශ්වකරුවන් සංඛ්‍යාව 190කි.

එහෙත් රටවල් කිහිපයක් මෙම සම්මුතියට අත්සන් තබා නැත. අත්සන් තබා නැති රටවල් නම් ඉන්දියාව, පාකිස්ථානය, ඊශ්‍රායල, උතුරු කොරියාව, දකුණු සූඩානයයි. උතුරු කොරියාව කලක් මෙම සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වුවද පසුව ඉවත් විය. මෙම රටවල් අතරින් දකුණු සූඩානය ඉතා මෑතක දී බිහි වූ රටකි. එරට සතුව න්‍යෂ්ටික බලයක් නොමැත. එහෙත් අනෙක් රටවල් හතර සතු ව ම න්‍යෂ්ටික බලය ඇත.

න්‍යෂ්ටික අවි අසඵලකරණය පිළිබඳ සම්මුතිය මඟින් න්‍යෂ්ටික අවි සතුව ඇති බොහෝ රටවල් අතර යම් වගකීමෙන් බැඳීමක් සනිටුහන් වෙයි. එහෙත්, මෙම ගිවිසුමට අත්සන් තබා නැති උතුරු කොරියාව, ඊශ්‍රායලය වැනි රටවල් සතුව න්‍යෂ්ටික අවි පැවතීම සැබැවින් ම තර්ජනකාරීය. ඉන් අදහස් වන්නේ න්‍යෂ්ටික අවි යනු ආරක්ෂාකාරී යමක් යන අදහස නොවේ. කුමන රටක් සතු ව හෝ න්‍යෂ්ටික අවි පැවැතීම අයහපත් ය. එහෙත් කිසිදු සම්මුතියක් බැඳී නැති රටක් තුළ න්‍යෂ්ටික අවි පැවතීම බෙහෙවින්  තර්ජනකාරීය.

උතුරු කොරියාව ආරම්භයේ පටන් ඒකාධිපතිපත්වය මත ක්‍රියාත්මක වන අතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉඩක් නොසලසන රාජ්‍යයකි. 1950 දශකයේ පැවති බිහිසුණු කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු කොරියාවේ ආරම්භක නායකයා වන්නේ වත්මන් නායක කිම් ඉල් සුං ය. කොරියානු අර්ධද්වීපය උතුරු සහ දකුණු වශයෙන් බෙදීමෙන් පසු උතුරු කොරියාව රුසියානු සහ චීන පාර්ශ්වය ද දකුණු කොරියාව ඇමරිකානු පාර්ශ්වය ද ගත්තේය.

මේ අනුව උතුරු කොරියාව සමාජවාදී දේශපාලන දෘෂ්ටිවාදය මත ක්‍රියාත්මක වූ අතර සෝවියට් කඳවුරේ හිතෛෂියෙකු විය. උතුරු කොරියාවට න්‍යෂ්ටික බලය ලැබෙන්නේ ඒ ඔස්සේය. උතුරු කොරියාවේ බහුපකෂ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවේ. එහි සිටින්නේ උත්තරීතර නායකයෙකි. වත්මන් කිම් ජොන් උන්ගේ සීයා පළමු උත්තරීතර නායකයා වූ අතර ඔහු උතුරු කොරියාව බිහි වීමේ සිට 1994 වසර වන තුරු රට පාලනය කළේය. පසුව ඔහුගේ පුත්‍රයා වූ කිම් ජොං ඉල්, එනම් වත්මන් නායක කිම් ජොං උන්ගේ පියා බලයට පත් විය.

 

කිම් ඉල් සුං හෝ කිම් ජොං ඉල් හෝ කිම් ජොං උන් හෝ යටතේ උතුරු කොරියාව බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති වින්දේ නැත. ඇත්ත වශයෙන් ම මෙම නායකයන් තිදෙනාට ම පැවතියේ අසීමිත බලයකි (Absolute Power). මේ අසීමිත බලය හමුවේ ඕනෑම අවස්ථාවක දී ඕනෑම දෙයක් කිරීමේ හැකියාව නායකයෙකුට ලැබෙයි. මේ නිසා ම මෙම නායකයන් තිදෙනා ම හඳුන්වන ලද්දේ බලසම්පන්න නායකයන් (Supreme Leaders) වශයෙනි.

න්‍යෂ්ටික අවි යනු සෙල්ලමක් නොවේ. පරම බලය ඇති පුද්ගලයෙකු අතේන්‍යෂ්ටික අවි බලය  පැවතීම සරල ගැනීමට නොහැකිය. ලෝකයේ මුල් ම වරට න්‍යෂ්ටික අවියක් භාවිත කෙරෙන්නේ දෙවැනි ලෝක යුද්ධයේ දී ය. ඒ ජපානයට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදයයි. හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට එල්ල වූ මෙම න්‍යෂ්ටික අවි ප්‍රහාර නිසා ලක්ෂ දෙකකට වැඩි මිනිසුන් මිය ගියේ යැයි නිල වාර්තා පවසයි. තවත් සිය දහස් ගණනක් යුග ගණනක් දුක් වින්දහ. පිළිකා ආදී රෝගවලට ගොදුරු වූහ.

වර්තමානය වන විට ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, ඉන්දියාව, පාකිස්ථානය, ආදී රටවල න්‍යෂ්ටික අවි පැවතිය ද අප පෙර කී පරිදි ඉන් බහුතරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සම්මුතියකට බැඳී ඇති අතර උතුරු කොරියාව කිසිදු වගකීමකින් බැදී නොමැත. අනෙක් රටවල බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන අතර මිනිසුන්ගේ ඡන්දයෙන් නායකයන් තෝරා ගැනීම සිදු වෙයි. එහෙත්, උතුරු කොරියාවේ පරම බලය ඇති නායකයෙක් සිටී.

උතුරු කොරියාව අවස්ථා ගණනාවක දී නිවේදනය කළ පරිදි එය සතුව අන්තර් මහද්වීපික න්‍යෂ්ටික පුපුරුවා හැරීම් කළ හැකි මිසයිල ඇත. උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් සඳහන් කළේ විනාශයේ බොත්තම ඇත්තේ තම මේසය මත බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඕනෑම ස්ථානයකට එම අවිවලින් ප්‍රහාර එල්ල කළ හැකි බව ද හෙතෙම අවස්ථා කිහිපයක දී කියා ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ දී ඇමරිකා ජනාධිපතිවරයා සමඟ උතුරු කොරියා නායකයා සාකච්ඡාවකට යොමු වීම සැබෑ ලෙස ම ඓතිහාසික වැදගත්කමකින් යුතු කරුණකි.

එහෙත්, මෙම සාකච්ඡා ආකාස්මික ලෙස සිදුවන ඒවා නොවේ. ඒවා තුළ කලාපීය දේශපාලනය ද ජාත්‍යන්තර දේශපාලනය ද පිළිබඳ ක්‍රීඩාවක් පවතී. කිම් ජොං උන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ද සාකච්ඡා පැවැත්වීමෙන් පසු ද චීන නායකයා හමු විය. උතුරු කොරියාව මුළුමනින් සිය පණ නල ගැටගසා ගන්නේ චීනයේ සවියෙන් යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.

උතුරු කොරියානු නායකයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුව පැවැත්වුණේ චීනයේ බීජිං නගරයේ දී යි.  එය සිදු වන්නේ ජනාධිපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වී යන්තමින් සතියක් ගිය තැන දී යි. කිම් ජොං උන්ගේ ප්‍රථම විදේශ සංචාරය වූයේ ද චීනයටයි. ඒ ඇමරිකා උතුරු කොරියා සාකච්ඡා ආරම්භ වීමට පෙරයි. ඉතා ගුප්ත වැසුණු රාජ්‍යයක් වශයෙන් පැවති උතුරු කොරියාව මෙම දේශපාලන ක්‍රීඩාවේ දී රඟන භූමිකාව කුමක් ද යන්න පිළිබඳ විචාරකයන් තුළ විවිධ අදහස් පවතී.

චීනය නීතයෙන් බැඳී ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වන එක ම රට වන්නේ ද උතුරු කොරියාවයි. 1961 වසරේ සිට දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවක් ක්‍රියාත්මක වෙයි.  එසේ ම මෙම රටවල් දෙක අත්සන් කර ඇති ගිවිසුම් අනුව කිසියම් රටකට එරෙහි ව ජාත්‍යන්තර වශයෙන් බලපෑමක්, යුද ගැටුමක් වැනි දෙයක් ඇති වුවහොත් එකම පාර්ශ්වයක සිට කටයුතු කළ යුතුය.

මෙම නීතිය අනුව දකුණු කොරියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය යන පාර්ශ්වවලින් යම් ආකාරයක ප්‍රහාරයක් එල්ල වුවහොත් චීනයට මැදිහත් වීම සඳහා නියත  බැඳීමක් පවතී. චීනය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින්නේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකකරණයකි (Economic Diplomacy). මෙහි දී චීනය සෙසු රටවල් සමඟ බලපෑම පවත්වා ගන්නේ අවියෙන් හෝ බලයෙන් නොව ආර්ථිකය ඔස්සේ ය. චීනය මේ වන විටත් ලෝකයේ නිෂ්පාදන බලාගාරය වී හමාරය. ඉදිරියේ දී ලෝක ආර්ථික බලවතාද වනු ඇත. අප්‍රිකාව, ආසියාව ආදී රටවල චීන ජනතාව ස්ථාන ගත කරමින් නව ව්‍යාප්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටී. එය වඩාත් හොඳින් විශද වන්නේ එක් තීරුවක් එක් මාවතක් වැඩසටහන තුළිනි.

මෙනයින්, චීනයට උතුරු කොරියානු සාධකය කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වෙයි. මෙම සමස්ත ක්‍රියාවලිය තුළ දී ඉදිරි පසින් මෙන් ම පසුපසින් ද ඇති සාධක හඳුනා ගැනීම අවශ්‍ය වේ. මේ මොහොතේ දී චීනය යුද්ධයක් නොඉල්ලයි. ඒ මක් නිසාද යත් ජයග්‍රහණය අත උඩ ඇති බැවිනි. එසේ නම්, නැගෙනහිර ආසියා කලාපය තුළ ගෞරවාන්විත සාමයක් ආරක්ෂා කර ගැනීමට චීනයට වුවමනා වෙයි.

උතුරු කොරියාව කලාපයේ අනෙකුත් රටවල් වන දකුණු කොරියාව හෝ ජපානය සමඟ හෝ කලාපයෙන් බැහැර වූ ඇමරිකා එක්සත් ජනපදය සමඟ හෝ යුද්ධයකට පැටලීම චීන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අඩපණ කරන්නකි. එවැනි යුද්ධයකට මැදිහත් වීම සඳහා චීනයට‍ නෛතික බැඳීමක් ද ඇත. එවැනි බැඳීමක් නොමැති ව පවා චීනය උතුරු කොරියාව සම්බන්ධ ගැටලුවට මැදිහත් වී තිබේ. උදාහරණයක් ලෙස 1950 දශකයේ මුල් භාගයේ දී ඇති වූ කොරියානු යුද්ධයේ දී එක්සත් ජාතීන්ගේ හමුදා කොරියානු යුද්ධයට මැදිහත් වූ විට චීනය මිලියන ගණනින් සිය හමුදා භට කණ්ඩායම් උතුරු කොරියාවේ සහායට යොමු කළේය.

1976 වසරේ දී මාඕ සේතුංගේ මිය යෑමෙන් පසු චීනය සිය ප්‍රතිපත්තිය විශාල වශයෙන් වෙනස් කළේය. දෘෂ්ටිවාදී පදනමක් මත පැවති දේශපාලනයේ තිබූ යුතෝපියානු අදහස් ඉවත් කර ප්‍රයෝජ්‍යතා ලක්ෂණ ඊට ඇතුළත් කර ගැණින. එහි අවසන් ප්‍රතිඵලයක් වී ඇත්තේ අපනයනය කේන්ද්‍ර කර ගත් ආර්ථියක් නිර්මාණය කිරීමයි. එම වැඩපිළිවෙළේ දී චීනය සිතුවාටත් වඩා සාර්ථක විය. චීන බඩු නැති වෙළෙඳපොළක් අද ලෝකයේ කොහේ හෝ සොයා ගැනීමට නොහැකිය. මෙවැනි පසුබිමක් යටතේ ලෝක පාලනය බඩු භාණ්ඩ (Commodities) මඟින් තම අතට ගැනීමට ඇති හැකියාවට පරදු තැබීමට චීනයට අවශ්‍ය වන්නේ නැත.

ලෝක දේශපාලනය තීරණය වනනේ ද මෙවැනි සංදර්භයක් යටතේ ය. උතුරු කොරියානු සාධකය මනා ලෙස කළමනාකරණය කර ගැනීමට සමත් වීම යම් ආකාරයකින් දකුණු කොරියාවට හෝ ඇමරිකා එක්සත් ජනපදයට බලපාන්නේ ද ඒ මට්ටමින් ම හෝ ඊටත් වැඩියෙන් චීනයට බලපානු ඇත.

 

ඇන්ජලා මර්කල් - යුරෝපයේ මව

 

දර්ශන අශෝක කුමාර 

යුරෝපා සංගමය කියා දෙයක් අද ඉතිරි වී තිබෙනවා නම් ඒ තනි ගැහැනියක අනවරත අරගලයක සහ ශක්තියක ප්‍රතිඵලයක් නිසා යැයි කිය හැකිය. ඒ ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ය. මේ හේතුවෙන් ම ඇතැම්හු ඇය යුරෝපයේ රැජින යැයි අන්වර්ථ  නාමයෙන් හැඳින්වූහ. 21 වැනි සියවසේ දී යුරෝපයට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රධාන අර්බුද තුනෙහි දී ම ජර්මනියට නායකත්වය දුන්නේ ඇයයි. ඇයගේ දූරදර්ශී නායකත්වයට නොවන්නට යුරෝපා සංගමය කැබලි බවට පත් වී යන්නට බොහෝ දුරට ඉඩ තිබිණ. කෙසේවෙතත්, අවුරුදු 16ක් දැරූ ජර්මන් චාන්ස්ලර් ධුරයෙන් ඇය විශ්‍රාම ගැනීමට තීරණය කළ නමුත් ඇයගේ සමුගැනීමත් සමග ම ඇය නියෝජනය කළ දේශපාලන පක්ෂය ෆෙඩරල් මැතිවරණයෙන් විරෝධාභාසයක් මතු කරමින් පරාජයට පත් විය. මෙම සංකීර්ණ තත්ත්වය ඉතා සියුම් ලෙස අධ්‍යයනය කළ යුත්තකි. 

අවුරුදු 10ක කාලයක් අඛණ්ඩව ලොව බලවත් ම කාන්තාව බවට පත් වූ ඇන්ජෙලා මර්කල්ට ජර්මානු දේශපාලනය ම සම්පුර්ණයෙන් වෙනස් කිරීමට හැකි විය. ජර්මනියේ දේශපාලනය පිරිමින්ගේ අත තිබූ ප්‍රවේගකාරී ප්‍රවාහයක් වෙනුවට මර්කල් අතින් දේශපාලනයට වඩා ප්‍රතිපත්ති පාදක වු දෙයක් බවට පත් කෙරිණ. ඇය 2008 වසරේ දී ලෝක ආර්ථික අර්බුදය පැමිණි අවස්ථාවේ දී යුරෝ මුදල් ඒකකයේ ශක්තිය රැක ගැනීම සඳහා විශාල අරගලයක නිරත වූවාය. ඒ වන විට ඇය යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය වශයෙන් කටයුතු කරමින් සිටියාය. යුරෝපයේ දිළිදු රටවල ආර්ථිකය බිඳ වැටෙමින් යුරෝපා සංගමය පවත්වා ගෙන යෑම අර්බුදයක් වී තිබූ අවස්ථාවල දී ඒ රටවල ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් පළමුවෙන් ම ඉදිරිපත් වූයේ මර්කල්ගේ නායකත්වයෙන් යුතු ජර්මනියයි. 2010 වසරේ දී යුරෝපීය රටක් වන ග්‍රීසිය උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් මොහොතේ දී එරට ආර්ථිකය ගොඩගැනීම සඳහා පළමුවෙන් ම ණය ලබා දීම සිදු කළේ ද ජර්මනියයි. සමස්තයක් ලෙස යුරෝපයේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඇය යුරෝ මිලියන 330කට වැඩි මුදලක් ණය වශයෙන් ලබා දී තිබේ. 

මෙම ණය ලබා දෙන මොහොතේ දී ඇය ග්‍රීසිය, පෘතුගාලය ආදී රටවලට දැඩි කොන්දේසි පැනවූවාය. ඇය ම වරක් පැවසූයේ බොහෝ පිරිසක් තමන් ගැන දැඩි කෝපයෙන් සිටිනු ඇති බවයි. එය එසේ ම සිදු වූ අතර රාජ්‍යයන්හි වියදම් කප්පාදු කිරීම සඳහා ඇය කළ යෝජනා නිසා මර්කල් ප්‍රතිපත්තියට දැඩි විවේචනය පැමිණියේය. කෙසේවෙතත්, අවසානයේ දී යුරෝපයේ දිළිදු රටවල ආර්ථික ආපසු හැරවුණු අතර යුරෝපා සංගමය කියා දෙයක් අදටත් පවතින තත්ත්වයට පත් කෙරිණ. 

මර්කල්ගේ පාලන කාලය තුළ දී ජර්මනිය ඉතා ඉහළ ආර්ථික සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වූ අතර 2005 වසරේ සිට මේ දක්වා ජර්මනියේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ නැංවීමට ඇය සමත් වූවාය. මෙය ජර්මනියේ සිදු වූ දෙවැනි ආර්ථික ප්‍රාතිහාර්යය :ිැජදබා උසරඑිජය්ඓිඅමබාැර*  ලෙසින් සලකනු ලැබේ. ජර්මනියේ කර්මාන්ත ක්ෂේත්‍රය ඉතා ශක්තිමත් අඩියකට ගෙන ඒමට හැකි වූ අතර සමස්ත යුරෝපයේ ම කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදනයෙන් සියයට 40ක කොටසක් හිමි කර ගැනීමට ජර්මනිය සමත් විය. චීනය සෑම අතකින් ම ලෝකයේ නිෂ්පාදනය අත්පත් කර ගනිමින් සිටින තත්ත්වයක් යටතේ ඇය මෙම ප්‍රාතිහාර්යය පෑවාය. බොහෝ රටවල් තම ආර්ථිකය චීනයේ සිට ආනයනය කෙරෙන භාණ්ඩ මත රදවා පවත්වා ගනිද්දි ජර්මනිය තමන්ගේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් බවට චීනය පත් කර ගැනීමට සමත් විය. චීනය ලාබ භාණ්ඩ නිෂ්පාදනය කරද්දී ජර්මනිය කළේ ඉතා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කල් පවත්නා භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. මෙය චීනයට ළං වීමට නොහැකි  වූ වෙළෙඳපොළක් විය. 

ඇය සෑම විට ම ජර්මානුවන්ගේ ක්‍රය ශක්තිය පවත්වා ගෙන යෑමටත් විරැකියාව සම්බන්ධයෙනුත් සාවධාන වූවාය. ඇයගේ පාලන කාලයේ දී සිදු වූ විශාලතම ජයග්‍රහණය වන්නේ රැකියා නිර්මාණය කිරීමයි. ඒ අතරින් කාන්තාවන් සවිවබල ගැන්වීම කෙරෙහි මර්කල් විශේෂ අවධානයක් යොමු කළ අතර ජී 7 කණ්ඩායමේ රටවල් අතර වැඩිම කාන්තා ශ්‍රම බලකායක් සිටින රට ජර්මනියයි. පසුගිය කාලයේ දී ඇති කොරෝනා වසංගතය හමුවේ ද ජර්මානු ආර්ථිකය ස්ථාවර ව පවත්වා ගැනීමට හැකි වූයේ ඇයගේ කලබල නැති ප්‍රතිපත්ති හේතුවෙනි. ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ඇමරිකා නායකයන් උමතුවෙන් හැසිරෙද්දී ඇය තම ප්‍රතිපත්තියේ එක ලෙස නොසැලී සිටියාය. කොරෝනා වසංගතය හමුවේ වුව ද ජර්මනිය තම මෑත ඉතිහාසයේ සෑම කලකට ම වඩා පොහොසත් ව සිටීමට සමත් වී තිබේ. 

ඇය සිය ආර්ථික ප්‍රතිපත්තිය තුළ දී ඩිජිටල්කරණයට සහ නවීකරණය ප්‍රමුඛත්වය නොදීම ඇතැම් විචාරකයන්ට අනුව ප්‍රශ්නයක් වුව ද එය ම ඇයගේ ප්‍රතිපත්තියේ සුවිශේෂත්වය බව පෙනේ. ඇතැම් නායකයන් ඩිජිටල්කරණය පසු පස උමතුවෙන් මෙන් ගමන් කරද්දී ඇය කාර්මිකකරණය ඔස්සේ ස්ථාවර ආර්ථිකයක් කරා යොමු වූවාය. ෆුකුෂිමා අනතුරින් පසු රට පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වෙත යොමු කිරීමට සමත් වූ ඇය ගල් අගුරු භාවිතය 2035 වසර වන විට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. 

මර්කල් පාලනය තුළ දී තවත් පුළුල් වශයෙන් කථා බහට ලක් වූ ක්ෂේත්‍රයක් වුයේ සරණාගතයන් පිළිබඳ ගැටලුවයි. 2015 වසරේ දී සිරියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ සිට ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් යුරෝපය දෙසට ගලා එමින් සිටිය දී මර්කල් පාලනය පැවසුවේ යුරෝපය තුළ ඔවුනට රැකවරණ ලබා දිය යුතු බවයි. ඇය ජර්මනිය ඒ සඳහා විවෘත කළ අතර අදටත් ඇතැම් කණ්ඩායම්වල  දැඩි වෛරය ඇයට එරෙහි ව ගොඩනැගීමට මෙම ප්‍රතිපත්තිය හේතුවක් විය. ඇය ප්‍රසිද්ධියේ ම කියා සිටියේ යුරෝපය සරණාගතයන් පිළිබඳ මෙම ගැටලුව අමතක කර දමන්නේ නම් එය යුරෝපය නොවන බවයි. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනයන්ට අනුගත නොවන යුරෝපය යුරෝපයක් නොවන බව දැඩි ලෙස අවධාරණය කළ ඇය මිලියන ගණනක සරණාගතයන් පිරිසකට සිය රටෙහි දොරටු විවර කළාය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජර්මනිය තුළ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වූ ්කඑැරබ්එසඩැ මෙර ෘැමඑිජයක්බා :්fෘ* නම් දේශපාලන පක්ෂය කෙරෙහි යම් ජන ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි විණ. 

මෙම ප්‍රතිපත්තිය පසුකාලීන ව දේශපාලනික වශයෙන් ඉතා අයහපත් ආකාරයට මර්කල් වෙත බලපෑ අතර 2013 වසරේ දී පාර්ලිමේන්තුවේ ආසන 311 දිනා ගත් ඇයගේ පක්ෂයේ ආසන සංඛ්‍යාව 2017 වසරේ දී පැවති ඡන්ද විමසුමේ දී 65කින් අඩු කිරීමට හේතු විය. පසුගියදා පැවති ෆෙඩරල් මැතිවරණයෙන් ඇයගේ විශාල පරාජයක් අත් කර ගැනීමට මෙය අඩු හෝ වැඩි වශයෙන් බලපාන්නට ඇත. මිලියනයකට වැඩි සිරියානු සරණාගතයන් පිරිසකට ජර්මනියට පැමිණීමට ඉඩ දීමෙන් ඇය පෙන්නුම් කළ මානුෂිකත්වය ඇයට ගෙවන්නට සිදු වූ දේශපාලන වන්දියට කිසිදා සමාන කළ නොහැකිය. 

මර්කල්ගේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය ද විශේෂ වීමට හේතුවක් වූයේ ඇය රුසියාව සහ චීනය සමග අනුගමනය කළ ප්‍රතිපත්තිය හේතුවෙනි. බොහෝ රටවල් රුසියාව සහ චීනය සමග හොඳහිතක් පවත්වා නොගත්ත ද මර්කල්ගේ පාලනය යටතේ ජර්මනියට සාර්ථක සම්බන්ධයක් එම රටවල් සමගින් පවත්වා ගෙන යෑමට හැකි විය. ඇය චීනය සමගින් ඉතා හොඳ සම්බන්ධයක් ගොඩ නගා ගත් අතර ඇයගේ පාලන කාලය තුළ දී ජර්මනියේ සිට චීනයට සිදු වන අපනයන ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ නැංවීමට සමත් වූවාය. රුසියානු නායක ව්ලැද්මීර් පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නිට සහයෝගය දැක්වීමට මර්කල් කටයුතු කළ ද රුසියාව ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට එය බාධාවක් කර නොගැනීමට ඇය කටයුතු කළාය. 

ඇයගේ ප්‍රතිපත්තියේ තිබූ විශේෂත්වයක් වූයේ හදිසියේ තීරණ නොගැනීමයි. බොහෝ කරුණු සහ දත්ත රැස් කිරීමෙන් පසු මර්කල් තීරණවලට එළැඹෙයි. මේ හේතුවෙන් ඇගේ ගමන මන්දගාමී වූවක් විය. මෙය ජර්මනියේ තරුණ පරපුර නොරිස්සූ දෙයක් වූ අතර විශේෂයෙන් ලෝකයේ සෙසු සංවර්ධිත රටවල සාපේක්ෂව ජර්මනියේ ඩිජිටල් නවෝත්පාදන පහළ වැටීම සහ ඒ සඳහා විවර කළ අවකාශය ප්‍රමාණවත් නොවීම බොහෝ නව පරපුරේ ඡන්ද ඇගේ දේශපාලන පක්ෂයට නොලැබී යෑමට හේතුවක් විය. ඇය කිසිදු අවස්ථාවක දී තමන්ගේ වටිනාකම් පාවා දීමට කටයුතු නොකළාය. 

ඇන්ජලා මර්කල්ගේ පෞද්ගලික ජීවිතය ගන්නා විට ඇය බොහෝ කම්කටොළුවලට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි චරිතයක් විය. ඇය ඉපදුනේ සමාජවාදී පාලනයක් වශයෙන් පැවති නැගෙනහිර යුරෝපයේ වන අතර ඇයගේ පියා කිතුනු පූජකයෙකු විය. විද්‍යාඥවරියක ලෙස පුහුණුව ලැබූ ඇය 1986 වසරේ දී ක්වොන්ටම් රසායන විද්‍යාව සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය ලැබූවාය. 1989 වසරේ බර්ලින් තාප්පය බිඳ දමමින් ජර්මනිය එක්සත් කිරීම ඇය ඉහළින් සැමරූ අතර අවුරුදු 40කට වැඩි කාලයක් පැවති කොමියුනිස්ට් පාලනයේ පැවති බොහෝ දුර්වලතා ඇය දැක තිබිණ. මෙය ඇයගේ දේශපාලන ප්‍රතිපත්ති සකස් කිරීමේ දී බොහෝ සෙයින් බලපෑවේය.

නැගෙනහිර ජර්මනියේ දිළිඳු පවුලකින් පැවත ඒමේ සිට ඇය ඉතා අරපිරිමැස්මෙන් කටයුතු කළ කාන්තාවක් වූ අතර අනවශ්‍ය සුඛෝපභෝගී ජීවිතයක් ගත නොකිරීම නිසා ලෝක නායකයන් අතර කැපී පෙනෙන චරිතයක් බවට පත් වූවාය. තමන්ගේ ම අතින් බිල්පත් ගෙවා තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය අඩුම කුඩුම මිළ දී ගන්නා ඇය රසායන විද්‍යාඥයෙකු වන ඇයගේ සැමියා සමග ඉතා සරල ජීවිතයක් ගත කළාය. ඉතා හොඳින් ඉවුම් පිහුම් කිරීමට සමත් වූ කාන්තාවක් වූ ඇය ඇයගේ ස්වාමිපුරුෂයා වෙත තමන්ගේ ම අතින් ආහාර සකස් කර දීමට කටයුතු කළාය. ඔවුන් නිවාඩු ගත කිරීම සඳහා යෑමේ  දී කිසිදු රාජ්‍ය සම්පතක් භාවිත නොකිරීමට වග බලා ගත් අතර ජර්මනියේ අතිසුඛෝපභෝගී රාජ්‍ය ගුවන් යානා වෙනුවට සාමාන්‍ය පන්තියේ ගුවන් යානාවල තමන්ගේ අතේ වියදමින් එම ගමන් යෑමට කටයුතු කෙරිණ. මර්කල් සහ ඇගේ සැමියා කඳු නැගීම කෙරෙහි විශේෂ ඇල්මක් දැක් වූ අතර සැමියා ප්‍රසිද්ධියේ පෙනී සිටීමට හා ජනප්‍රියත්වයට අකමැති වූ පුද්ගලයෙකු විය. 

ඇයගේ සරල ජීවිතය, අනාගත දැක්මකින් යුතු තීරණ ගැනීමේ හැකියාව, මානුෂිකත්වය මත පදනම් වූ වටිනාකම් මෙන් ම සාමාන්‍ය මිනිසුන් කෙරෙහි සංවේදී වීම වැනි කරුණු නිසා ඇන්ජෙලා මර්කල් ජර්මානු ඉතිහාසයේ පමණක් නොව සමස්ත ලෝකයේ ම සදානුස්මරණීය චරිතයක් බවට පත් වනු ඇත. 




ඛදීර් ඛාන් - පාකිස්ථානු න්‍යෂ්ටික බලයේ පියා

 

දර්ශන අශෝක කුමාර 

ලොව න්‍යෂ්ටික අවි ආයුධ රටවල් ඇත්තේ නවයක් පමණකි. ඒ රටවල් නවය අතරින් දෙකක් අපගේ දකුණු ආසියාතික කලාපය තුළ ඇති අතර ඒවා නම් ඉන්දියාව සහ පාකිස්ථානයයි. ඒ අතරිනුත් පාකිස්ථානය විශේෂිත වන්නේ ඉන්දියාව තරම් විශාලත්වයකින් යුතු රාජ්‍යයක් නොවී, එතරම් විද්‍යාත්මක දියුණුවක් ද නොලබා න්‍යෂ්ටික ශක්තිය ලබා ගැනීමයි. පාකිස්ථානය න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1972 වසරේ ජනවාරි මාසයේ දී ය. ඒ එවක අග්‍රාමාත්‍ය සුල්ෆිකර් අලි බූතෝගේ නායකත්වය යටතේයි.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය බාර කෙරෙන්නේ එක් මහමොළකරුවෙකුටය. ඒ අබ්දුල් ඛදීර් ඛාන්ටය. යුරෝපයේ ජීවත් වෙමින් සිටි ඛදීර් ඛාන් පාකිස්ථානයට රැගෙන එනු ලබන්නේ අලි බූතෝගේ අනුදැනුම සහ වුවමනාව මතයි. ඛදීර් ඛාන් අවුරුදු 85ක් ආයු වළදා පසුගිය දා සිය ජීවිතයෙන් සමුගත් අතර ඔහුගේ ජීවන පුරාවෘත්තයේ වැදගත්කම සලකා මෙම සටහන ලියැවේ. 1936 වසරේ අප්‍රේල් මස පළමු වැනි දා ඉන්දියාවේ දී උපත ලබන ඔහු ඉන්දියාව සහ පාකිස්ථානය බෙදීමෙන් පසු 1952 වසරේ දී පාකිස්ථානයට සංක්‍රමණය වූවෙකි. 

ඔහු බටහිර යුරෝපීය රටවල් කිහිපයක දී න්‍යෂ්ටික භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් ලැබූ අතර ඔහු එම දැනුම පාකිස්ථානයේ න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදන වැඩපිළිවෙළ වෙත යොමු කරමින් පාකිස්ථානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළේ පිතෘත්වය හිමි කර ගැනීමට සමත් විය. 1960 වසරේ දී කරච්චි විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් දිනාගත් ඔහු බටහිර බර්ලිනයේ පශ්චාත් උපාධි අධ්‍යයනයන් සිදු කළේය. ඉන්පසුව තවදුරටත් උසස් අධ්‍යාපනය කටයුතු සිදු කිරීම සඳහා ඛදීර් ඛාන් නෙදර්ලන්තයට පිවිසියේය. 1967 වසරේ දී විද්‍යාපති උපාධියක් දිනා ගැනීමට සමත් වූ ඔහු 1972 වසරේ දී බෙල්ජියමේ දී සිය ආචාර්ය උපාධිය අවසන් කිරීමට සමත් විය. 1972 වසරේ දී යුරෙන්කෝ නම් සමාගමක නෙදර්ලන්ත උප කොන්ත්‍රාත් සමාගමක සේවයට බැඳීමට ඔහුට හැකි වූ අතර එහි දී න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට අවශ්‍ය වන යුරේනියම් සඵලකරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදා කර ගත්තේය. 

ඔහු ඉතා සූක්ෂ්ම ලෙසින් න්‍යෂ්ටික තොරතුරු ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ පරාසය ඉක්මවා තොරතුරු වෙත ප්‍රවේශ වී තිබිණ. 1971 වසරේ දී පැවති ඉන්දු පාකිස්ථාන යුද්ධයෙන් පාකිස්ථානය බරපතළ පසුබෑමක් ලැබීම ඛදීර් ඛාන් වෙත මානසික වශයෙන් බලපෑමක් එල්ල කර තිබූ අතර ඔහු ඒ වන විටත් ඇති කර ගෙන තිබූ ජාති වාත්සල්‍යය න්‍යෂ්ටික තාක්ෂණය කෙසේහෝ සිය රටට ගෙන ඒමේ වුවමනාව ඇති කර තිබිණ. 1974 වසරේ මැයි මාසයේ දී සිනාසෙන බුදුන් නමින් ඉන්දියාව විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කිරීමෙන් පසු එම වසරේ ම සැප්තැම්බර් මාසයේ දී ඛදීර් ඛාන් අග්‍රාමාත්‍ය බූතෝ වෙත ලිපියක් ලියමින් පෙන්වා දුන්නේ පාකිස්ථානය තුළ ද න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා උපකාර කිරීමට තමන් කැමති බවයි. ඒ වන විටත් ප්ලූටෝනියම් ආශ්‍රිත ව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ උත්සාහයක් පාකිස්ථානය දරා තිබූ අතර සිය ලිපියෙන් ඛදීර් ඛාන් පැහැදිලි කර තිබූණේ යුරේනියම් භාවිතයෙන් ඊට වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි අතර තමන් සතු දැනුම ඒ සඳහා යෙදවීමට සූදානම් බවයි. 

1974 වසරේ දෙසැම්බර් මාසයේ දී බූතෝ සහ ඛාන් මුණ ගැසුණු අතර පාකිස්ථානයේ න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට මෙහි දී එකගතාව ඇති විය. ඛදීර් ඛාන් විසින් යුරෝපීය න්‍යෂ්ටික තාක්ෂණයේ සැලසුම් සපුරා සොරා ගැනීමක් සිදු කළ අතර එය පාකිස්ථානය තුළ අත්හදා බලන්නට විය. 1998 වසරේ මැයි මස 28 වනදා සාර්ථක ලෙසින් ප්‍රසිද්ධියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට පාකිස්ථානය සමත් වූ අතර එය චාගෙයි එක වශයෙන් නම් කෙරිණ. මෙම අත්හදා බැලීමත් සමගින් ප්‍රසිද්ධියේ න්‍යෂ්ටික අවි හදා බැලූ ලෝකයේ 7 වැනි රට බවට පත් වූ අතර ඒ සමගින් ම එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට  මුහුණ දීමට ද සිදු විය. 

මෙම අත්හදා බැලීම සිදු වූයේ බලුචිස්ථානයේ කදු වැටියක දී වන අතර 1998 වසරේ මැයි මස 13 වැනි දින ම ඉන්දියා සිදු කළ පොක්රන් දෙක න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර වශයෙන් මෙය සිදු කෙරිණ.  ඉන්දියාවට එරෙහි ව තවත් න්‍යෂ්ටික බලවතෙකු බවට පත් වීමට පාකිස්ථානයට උපකාර කිරීම හේතුවෙන් ඛදීර් ඛාන් පාකිස්ථානු ජනතාව අතර සදාකාලික වීරයෙකු වී සිටින අතර ඔහුගේ අභාවය බොහෝ දෙනෙකු තුළ විශාල කම්පාවක් ඇති කළේය. මිය යන විට 85 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ මරණයට හේතු වූයේ කෝවිඩි 19 ආසාදනය වීමයි. 

ඛදීර් ඛාන් වෙත බටහිර ලෝකයෙන් චෝදනා ද එල්ල වූ අතර ඉන් ප්‍රධානතම චෝදනාවක් වූයේ ඔහු න්‍යෂ්ටික දැනුම රහසිගත ව ඉරානය, උතුරු කොරියාව ආදී රාජ්‍යයන් වෙත අලෙවි කිරීමට කටයුතු කළ බවයි. ඛදීර් ඛාන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් සී.අයි.ඒ. සංවිධානය ඉතා සමීප ලෙසින් නිරීක්ෂණය කළ අතර 2000 දශකයේ මුල් භාගයේ දී ඛදීර් ඛාන්ගේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් යම් කරුණු අනාවරණය කර ගැනීමට එම සංවිධානය සමත් විය. මේ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම යටතේ එවක ජනාධිපති ජෙනරාල් පර්වේස් මුෂාරෆ් විසින් පාකිස්ථානයේ ජාතික න්‍යෂ්ටික බලශක්ති රසායනාගාරයෙන් ඛදීර් ඛාන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ. කෙසේවෙතත්, ඔහු රාජ්‍යයේ න්‍යෂ්ටික උපදේශකවරයෙකු වශයෙන් අඛණ්ඩ ව කටයුතු කළේය. 

පසුව 2004 වසරේ දී ඛදීර් ඛාන් සියලු සේවාවලින් ඉවත් කිරීමට මුෂාරෆ් පියවර ගත්තේය. ඔහු රහසිගත ජාලයන් ඔස්සේ විදෙස් රටවලට න්‍යෂ්ටික දැනුම අලෙවි කර ඇති බව හෙළි වීම නිසා වසර කිහිපයක් නිවාස අඩෙවියේ තැබීමට පාකිස්ථානු රජය කටයුතු කළේය. කෙසේවෙතත්, කිසිදු අවස්ථාවක දී ඔහුට එරෙහි ව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට මුෂාරෆ් ඉඩක් දුන්නේ නැත. පසු අවස්ථාවක දී ඛදීර් ඛාන් කියා සිටියේ රහසේ තොරතුරු හුවමාරු කිරීම සඳහා රාජ්‍යය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය තමන්ගේ වුවමනාවට සිදු වූවක් නොවූ අතර කරුණු හෙළි වීමත් සමගින් රාජ්‍යය මගින් තමන් බිල්ලට දුන් බවයි. 2009 වසරේ දී ඔහු නිවාස අඩස්සියේ තැබීම අවසන් කෙරිණ. 

1974 වසරේ දී ඉන්දියාව විසින් සිනාසෙන බුදුන් (Smiling Buddha) නමින් ඉන්දියාව විසින් න්‍යාෂ්ටික අවි අත්හදා බැලීමක් සිදු කිරීම පාකිස්ථාන න්‍යාෂ්ටික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවීම කෙරෙහි ඛදීර් ඛාන්ගේ අවධානය යොමු කරවීමට හේතු විය. 1980 දශකයේ දී සියා උල් හක් යටතේ ඛදීර් ඛාන්ගේ ව්‍යාපෘතිය සඳහා විශාල සහයෝගයක් ලැබුණු අතර එරට ජාතික න්‍යෂ්ටික රසායනාගාරය ද ඔහුගේ නමින් නම් කෙරිණ. 

කෙසේවෙතත්, බටහිර ලෝකයේ ඇතැම් යුද විශ්ලේෂකයන් ඛදීර් ඛාන් නම් කළේ ලෝකයේ භයානකම මිනිසා ලෙසිනි. සීඅයිඒ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ ජොර්ජ් ටෙනෙට්ගේ අදහස වූයේ ඛදීර් ඛාන් යනු ඔසාමා බින් ලාඩන්ටත් වඩා භයානක මිනිසෙකි. පහසුවෙන් කෙනෙකු යෑමට නොහැකි උතුරු කොරියාවට අවස්ථා 13ක දී ඛාන් ගොස් ඇත. උතුරු කොරියාවේ න්‍යාෂ්ටික වැඩපිළිවෙළේ ප්‍රධාන කොටස්කරුවෙකු වශයෙන් ඔහු කටයුතු කර ඇති බව බටහිර ඔත්තු සේවාවල පිළිගැනීමයි. 





ඊතලයෙන් විඳ මිනිසුන් මැරීමේ අන්තවාදය - නෝර්වේ

දර්ශන අශෝක කුමාර 

මිනිසා විසින් දුන්න සහ ඊතලය භාවිතය ආරම්භ කරන්නේ මිනිස් ඉතිහාසයේ ඉතා ඈත අවදියක දී වන අතර එය අනිවාර්ය වශයෙන් ම වාර්තාගත වී ඇති ඉතිහාසයට වඩා එපිටට යන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ හේතුවෙන් දුන්න සහ ඊතලය මිනිසාගේ ඉතා ප්‍රාථමික ආයුධයක් වශයෙන් සැලකෙන අතර ප්‍රාග්ඓතිහාසික යුගයේ එසේත් නොමැති නම් ගල් යුගයේ ආයුධයක් වශයෙන් හැඳින්විය හැකිය. 

න්‍යෂ්ටික බෝම්බ මිසයිල ආදිය නිෂ්පාදනය කරන අද ලෝකය තුළ දුන්න සහ ඊතලය භාවිත කරන ගෝත්‍රික ජනතාව ජීවත් වෙමින් සිටින බව නොරහසක් වුවත් ලෝකයේ සංවර්ධිත ම රාජ්‍යයක් වශයෙන් හැඳින්වෙන නෝර්වේ රාජ්‍යයේ දුන්නෙන් විඳ මිනිසුන් පස් දෙනෙකු මරා දැමීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. නොර්වේ රාජ්‍යයේ කොන්ස්බර්ග් නගරයෙන් මෙම සිද්ධිය වාර්තා වූ අතර මිය ගිය පුද්ගලයන් පස්දෙනාට අමතර ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කර තිබිණ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඩෙන්මාර්ක් ජාතික 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනු අතර මෙම සිද්ධිය පිටුපස ත්‍රස්තවාදී වුවමනාවක් තිබූ  බවට මූලික විමර්ශනවල දී නෝර්වේජියානු පොලීසිය තහවුරු කර තිබේ. 

ප්‍රහාරය එල්ල කර පළා යෑමට සැකකරු සමත්  වුවද පසුව සිදු කෙරුණු මෙහෙයුම්වල  දී ඔහු අත්අඩංගුවට ගැණින. ඒ ප්‍රහාරය එල්ල වීමෙන් පැය භාගයකට පමණ පසුවයි. ප්‍රහාරකයාගේ මව ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් වන පියා නෝර්වේජියානුවෙකි. ඔහු වසර කිහිපයක් පුරා නෝර්වේහි කොන්ස්බර්ග්හි ජීවත්  වී තිබේ. එස්පෙන් ඇන්ඩර්සෙන් බ්‍රාතෙන් නමැති මෙම පුද්ගලයා පසුකාලීන ව ඉස්ලාම් දහම වැළඳ ගත් අයෙකු වේ. මොහු සම්බන්ධයෙන් මීට පෙර ද පොලීසියට ඉව වැටී තිබූ අතර අන්තවාදී මතවාදවලට මෙම පුද්ගලයා යොමු වෙමින් පවතින බවට නිරීක්ෂණය කිරීමට ලැබී තිබිණ. 2017 වසරේ දී අන්තර් ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් මෙම පුද්ගලයා සඳහන් කර තිබුණේ ලෝකයාට අවවාදයක් ලබා දීම සඳහා තමන් මිහිමතට පැමිණි පණිවුඩකරුවෙකු බවයි. 

ඔහු අන්තවාදී අදහස් දරන ඉස්ලාමීය කණ්ඩායම් සමගින් පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ සම්බන්ධතා පවත්වා ඇති අතර මොහු ආත්ම ආරක්ෂක සටන් ක්‍රම ද පුහුණු වී ඇති බව ඔහුගේ අසල්වාසීන් පවසා තිබේ. 2012 වසරේ දී මංකොල්ලකෑමේ සිද්ධියකට මෙම පුද්ගලයා සම්බන්ධ වී ඇති අතර  එම වසරේ දී ම හෑෂ් නමැති මත්ද්‍රව්‍යය සමගින් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. 2011 වසරේ දී අන්දෙර්ස් බ්‍රෙයිවික් නමැති පුද්ගලයා විසින් පුද්ගලයන් 69 දෙනෙකු වෙඩි ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු නොර්වේහි ඇති වූ ප්‍රබලතම ජන ඝාතනය මෙයයි. ඔහු ඉස්ලාමී විරෝධියෙකු වූ අතර නඩු විභාගයේ දී ඔප්පු වූයේ ඔහු දැඩි මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බවයි. 2012 වසරේ දී නඩු විභාගය අවසන් වීමෙන් පසු ව තීරණය කෙරුණේ ඔහුට වසර 21ක සිරදඩුවමක් ලබා දීමට සහ ඔහු තවදුරටත් සමාජයට හානිකර පුද්ගලයෙකු ලෙසින් පෙනී යන්නේ නම් සිරගත කරන කාලය දීර්ඝ කිරීමටයි. 

නෝර්වේ රාජ්‍යය තුළ පසුගිය දශක කිහිපය තුළ දී ආගම පදනම් කර ගනිමින් දේශපාලන භීෂණයක් ක්‍රමයෙන් වර්ධනය වී ආ අතර සුදු අන්තවාදී කණ්ඩායමක් එක් අතකින් ක්‍රියාත්මක වෙමින් ඉස්ලාමීය භීතිකාවක් නිර්මාණය කළ අතර ඉස්ලාමීය අන්තවාදීත්වය ද ඒ ආකාරයෙන් ම හිස එසැවීය. මෙම ගැටුම එක්තරා ආකාරයකින් ක්‍රිස්තියානු යුරෝපය සහ ඉස්ලාමීය සභ්‍යත්වය අතර ගැටුමක් යළි ඉස්මතු වීමක් වශයෙන් ද පෙන්වා දීමට හැකිය. එඩ්වර්ඩ් සයිද් වැනි දාර්ශනිකයන් සඳහන් කළේ ඉස්ලාමීය ලෝකය බටහිර වටිනාකම් මගින් ශීඝ්‍රයෙන් ආක්‍රමණය වෙමින් පවතින බවයි. ගෝලීය පරිභෝජනවාදය නැගීමත් සමගින් අරාබි ලෝකය බටහිර වටිනාකම් වැළඳ ගන්නා අතර ගෝලීය සංස්කෘතිය තුළ ඉස්ලාමීය ලෝකය සෑම විට ම දෙවැනි පෙළ බලවේගයක් වශයෙන් පවතිනු ඇති බව සයිද්ගේ අදහස විය. 

ඉස්ලාමීය ලෝකයේ සාම්ප්‍රදායික කොටස් බටහිර වටිනාකම්වල ඇති හෙජෙමොනික බලයට විරුද්ධව ක්‍රියාත්මක වන්නට වූ අතර එහි ප්‍රතිඵල විවිධ ආකාරවලින් ප්‍රකාශයට පත් වූ අතර අද වන විට නෝර්වේ රාජ්‍යයේ දුනු ඊතලවලින් විද මිනිසුන් මරා දැමීම තුළින් ඇසෙන්නේ ද එම ගැටුමයි. මුස්ලිම් නව්‍ය අන්තවාදීන් :ඵමිකසප බැද-මෙබා්පැබඒකසිඑි* කණ්ඩායමක් නිර්මාණය වීම අද වන විට ඇමරිකා එක්සත් ජනපදයට ද යුරෝපීය සමාජයට ද විශාල තර්ජනයක් වී ඇත්තේ එම අන්තවාදය දෘෂ්ටිවාදී වශයෙන් සිය මතය පෝෂණය කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ශක්තියක් ලබා ගෙන තිබීමයි. ඉස්ලාමීය ධර්මය අලුත් ආකාරයකින් අර්ථ දක්වන නව ලුම්පන් ඉස්ලාමී බුද්ධි කාණ්ඩයක් :කමපචැබ සබඑැකකසටැබඑිස්* නිර්මාණය වීම පසුගිය කාලයේ දී සිදු වූ බව ඔලිවර් රෝයි වැනි උගතුන්ගේ අදහසයි. එම බුද්ධි කාණ්ඩයේ දෘෂ්ටිවාදී බලපෑම නෝර්වේහි දුනු ඊතල ඝාතකයාට පමණක් නොව ශ්‍රී ලංකාවේ පාස්කු ඉරු දින ප්‍රහාරකයන්ට ද බලපෑවේය. 

මෙම ප්‍රහාරය එල්ල වූයේ ද නෝර්වේ රාජ්‍යයේ නව ආණ්ඩුව වැඩ ආරම්භ කිරීමත් සමගිනි. නව ආණ්ඩුව පත් වූයේ එතෙක් බලයේ සිටි කොන්සර්වේටිව් පක්ෂය පසුගිය මාසයේ දී පැවති මහ මැතිවරණයේ දී පරාජය කිරීමෙන් අනතුරුවයි. නෝර්වේ යනු බටහිර වටිනාකම් අනුව විවෘත සමාජයක් වශයෙන් පවත්වා ගෙන ගිය රාජ්‍යයකි. මිනිසුන්ට නිදහසේ සැරිසැරීම අයිතියක් වූ අතර පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබිණ. මෙම ලිබරල් අයිතිවාසිකම් තවදුරටත් නෝර්වේ රාජ්‍යයට පවත්වා ගෙන යෑමට හැකිද යන්න මෙම නවතම ප්‍රහාරයත් සමගින් ඉස්මතු වී තිබේ. නෝර්වේ රාජ්‍යය නේටෝ රටක් වන බැවින් ඉදිරියේ දී ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ ඉහළ අවදානමක් ඇති බවට මීට වසර කිහිපයකට ඉහත දී බුද්ධි අංශ විසින් වාර්තා කර තිබිණ. 


නෝර්වේහි පොලීසිය සාමාන්‍යයෙන් ගිනි අවි රහිතව හැසිරෙයි. ඔවුන්ට අයත් ගිනි අවි බොහෝ විට ඔවුන්ගේ පොලිස් වාහන තුළ හෝ පොලිස් ස්ථානවල තබා ගත යුතු වේ. ලක්ෂ 54ක පමණ කුඩා ජනගහනයකින් සමන්විත  නෝර්වේ රාජ්‍යයේ අපරාද අනුපාතය ලොව ඉතා ම අඩු අගයක් ගත් අතර ඒ හේතුවෙන් මිනිසුන් සාමාන්‍ය ජන ජීවිතයෙහි නිදහසට බාධා කිරීමට ද ආරක්ෂක අංශවලට මෙතෙක් කිසිදු වුවමනාවක් නොතිබිණ. එහෙත් නෝර්වේහි පමණක් නොව සමස්ත යුරෝපය තුළ ඉස්මතු වෙමින් පවතින ඉස්ලාමීය රැඩිකල්කරණය හමුවේ නෝර්වේ රාජ්‍යයට පමණක් ගැළවී සිටීමට නොහැකි බව මෙම සංසිද්ධියෙන් පෙනී ගියේය. මෙම ප්‍රහාරයෙන් පසු මීළගට වර්ධනය වන්නේ නෝර්වේහි අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් ය.