දර්ශන අශෝක කුමාර
නේටෝ සංවිධානයේ මේ වසරේ (2018) සමුළුව බෙල්ජියමේ බ්රුසල්ස් නුවර දී පසුගියදා පැවැත්විණ. නේටෝ සංවිධානයට අයත් රටවල රාජ්යලය නායකයන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වුණු අතර එය නේටෝ සංවිධානයේ 29 වැනි රාජ්යී නායක නිල සමුළුව වශයෙන් හැඳින්වේ.
මෙම සමුළුව ලෝක මට්ටමින් ඉතා වැදගත් හමුවක් වන අතර නේටෝ සංවිධානයේ ඉදිරි ගමන පිළිබඳ සාකච්ඡා කෙරෙන්නේ මෙම සමුළුවේ දීයි. මෙවර නේටෝ සමුළුවේ දී ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු වීම කලාපීය වශයෙන් ද වැදගත් වෙයි.
නේටෝ යනු උතුරු අත්ලාන්තික සම්මුති සංවිධානයයි (North Atlantic Treaty Organization). නේටෝව ගොඩනැඟී ඇත්තේ ම හමුදා කටයුතු අරමුණු කර ගනිමිනි. අන්තර් රාජ්යඋ හමුදා සංධානයක් (intergovernmental military alliance) ලෙසින් හැඳින්වෙන නේටෝවෙහි සාමාජිකයන් වන්නේ ලෝකයේ හමුදා ශක්තිය අතින් ද ආර්ථික ශක්තිය අතින් ද බලවත් ම රාජ්යමයන් වේ. උතුරු ඇමරිකානු මහද්වීපයටත් යුරෝපා මහද්වීපයටත් අයත් රටවල් 29ක් පමණ මෙම සංවිධානයේ සාමාජිකයෝ වෙති.
නේටෝ ව බිහි කර ගැනෙන්නේ 1949 වසරේ අප්‍රේ ල් මස 04 වැනි දින අත්සන් කරන ලද උතුරු අත්ලාන්තික සම්මුතිය (North Atlantic Treaty) පාදක කර ගනිමිනි. නේටෝවේ දර්ශනය වන්නේ සාමූහික ආරක්ෂාව යන සංකල්පයයි. එනම් කිසියම් නේටෝ රටකට බාහිර පාර්ශ්වයකින් ප්ර්හාරයක් එල්ල වුවහොත් නේටෝ සංගමයේ සෙසු රටවල් ද සාමූහිකත්වයකින් යුක්ත ව ප්ර්හාරයට ලක් වූ රට සමඟ කටයුතු කරයි. නේටෝ මූලස්ථානය පිහිටා ඇත්තේ බෙල්ජියමේ බ්ර්සල්ස් නුවරයි. 1949 වසරේ දී නේටෝව හමුදා අරමුණින්වලින් නිර්මාණය කර ගැණුන ද කොරියානු යුද්ධය වන තුරු ඒ සඳහා හමුදාමය වැදගත්කමක් තිබුණේ නැත. ඒ වන තෙක් එය හුදෙක් දේශපාලන සංවිධානයක් පමණක් විය. නමුත් පසුකාලයේ දී ලොව ප්‍ර බලතම හමුදාමය රාජ්යත එකමුතුව බවට එය පත් විය.
මෙවර නේටෝ සමුළුවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රොම්ප් මහතාගේ සහභාගීත්වය විශේෂත්වයකි. නේටෝ සාමාජිකයන් සිය ආරක්ෂක වැය වශයෙන් අඩුම තරමින් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් වත් වැය කළ යුතු වේ. එහෙත් මෙවර සමුළුවට සහභාගී වෙමින් ඩොනල්ඩ් ට්රමම්ප් අවධාරණය කළේ නේටෝ රටවල් අඩු ම වශයෙන් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් පමණවත් ආරක්ෂක කටයුතු සඳහා වෙන් කළ යුතු වන බවයි.
ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටවල් රැසක් නේටෝවට අයත් වන බැවින් රටවල් 29ක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් යනු අතිවිශාල මුදලකි. ජර්මනිය ආරක්ෂක අංශ වෙනුවෙන් වැය කරන මුදල ඩොනල්ඩ් ට්රයම්ප්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ට්රවම්ප්ගේ අදහස වන්නේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය කරන කැපවීමට සාපේක්ෂ ව ජර්මනිය ප්‍රුමුඛ යුරෝපයෙන් ලැබෙන්නේ අඩු දායකත්වයක් බවයි. ඔහු නොකියා කියා සිටියේ ජර්මනිය අනුන්ගේ පහනෙන් එළිය බැලීමට සූදානම් වන බවකි.
නේටෝව ආරම්භ වන්නේ ම 1940 දශකයේ පටන් පැවති සීතල යුද්ධයේ ප්රනතිඵලයක් වශයෙනි. එනම් සෝවියට් සමූහාණ්ඩුවෙන් එල්ල විය හැකි යුද අභියෝගයකට මුහුණ දීම සඳහා ප්රිතිවාදී රටවල් සකස් කිරීමේ වුවනාව අනුවයි. සීතල යුද්ධය පැවති සමයේ දී ලෝකය දෘෂ්ටිවාද දෙකක් මත පාලනය විය. එකක් සමාජවාදය වන අතර අනෙක ලිබරල් ප්රිජාතන්ත්රාවාදය හෙවත් ධනවාදයයි. සෝවියට් සමූහාණ්ඩුව සමාජවාදය මත ක්රිලයාත්මක වූ අතර ඇමරිකා එක්සත් ජනපදයත් නේටෝවේ සෙසු රටවලුත් ලිබරල් ප්රිජාතන්ත්රවවාදය හෙවත් ධනවාදය මත ක්රිසයාත්මක විය. එනයින්, මෙම ලෝක කඳවුරු දෙක 1990 දශකය වන තුරු පර සතුරු කලාප දෙකක් වශයෙන් ක්රිායාත්මක වූ අතර එකිනෙකා අවි ආයුධ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අතිවිශාල මූල්යර සම්භාරයක් වැය කළේය.
රුසියාවෙන් එල්ල විය හැකි අභියෝග නිසා ඇමරිකා එක්සත් ජනපදය සීතල යුද්ධය පැවැති සමයේ දී යුරෝපය තුළ ඇමරිකා සෙබළුන් ලක්ෂ 4ක් පිහිටුවා තිබූ අතර මේ වන විට සිටින්නේ ඇමරිකා සෙබළුන් 60,000ක් පමණි. එයින් ද වැඩිම පිරිසක් රදවා ඇත්තේ ජර්මනියේයි.
ඇමරිකා එක්සත් ජනපදය යුරෝපයේත් තමන්ට හිතවත් වෙනත් නේටෝ සාමාජිකයන්ගේත් ආරක්ෂාව පිළිබඳ සැලකීමෙන් තොර ව නේටෝ නොවන රාජ්යකයක් වන ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම විශේෂත්වයකි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රමම්ප්ගේ යෝජනාව වූයේ ඇෆ්ගනයේ ක්‍රි යාත්මක වන දීර්ඝ කාලීන යුද්ධය අවසන් කිරීමට නේටෝ සංවිධානය ප්රවමුඛ අවධානය යොමු කළ යුතු බවයි. නේටෝ සාමාජිකයන් නොවන ඇෆ්ගනිස්ථානයේ නායක අෂ්රෆ් ඝානිට සහ යුක්රේනයේ පෙත්රෝි පොරෂෙන්කෝට බ්රනසල්ස් නුවර පැවැත්වෙන සමුළුවට ආරාධනා කර තිබිණ.
ඩොනල්ඩ් ට්‍රයම්ප් බලයට පැමිණීමෙන් පසු පසුගිය වසරේ දී ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්රලහාර එල්ල කෙරුණු අතර තලෙබාන් ත්රයස්තවාදීන් සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවට දිගින් දිගට ඔහු බලපෑම් කළේය. ඔහුගේ පාලන කාලය තුළ දී හමුදා සෙබළුන් 3,000කින් යුතු අතිරේක බලඇණියක් ඇෆ්ගනිස්ථානයට යොමු කෙරුණු අතර මේ වන විට ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා සෙබළු 15,000ක් පමණ සිටිති.කෙසේවෙතත්, ඩොනල්ඩ් ට්රගම්ප්ගේ මතය වන්නේ වසර 17ක් පුරා දිවෙන ඇෆ්ගන් යුද්ධය හැකි ඉක්මනින් අවසන් විය යුතු බවයි.
ඇෆ්ගනිස්ථාන ගැටුම සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් නොලැබෙන බැවින් බැරක් ඔබාමා පාලනයට අවශ්‍ය වූයේ සිය හමුදා කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමටයි. ඒ අනුව නේටෝ සංවිධානය විසින් 2014 වසරේ දී නිල වශයෙන් ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමට යෝජනා කෙරිණ. නේටෝව පවතින ගැටුමට විසදුමක් ලෙස යෝජනා කළේ ඇෆ්ගනිස්ථානයේ සෙබළුන්ට පුහුණුව ලබා දී තමන්ගේ සාමාජිකයන් එරටින් ඉවත් කර ගැනීමයි. එහෙත් තවමත් ඇෆ්ගනිස්ථානයෙන් සියයට 70කට වැඩි ප්රිමාණයක් පාලනය කරන්නේ තලෙබාන් සංවිධානයයි. මෙනයින්, නේටෝව අවුරුදු 17කට වැඩි කාලයක් ගත් ව්යාතයමය සාර්ථක වී නැති බව ප්රනත්යුක්ෂ වෙයි. 2014 වසරේ දී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට තීරණය කළ නේටෝව නැවතත් ආපසු තමන්ගේ ප්රගමුඛත්වය ලබා දීම දෛවෝපගත සිද්ධියක් බවට පත් වී තිබේ.
සමුළුව අමතමින් මහා බ්රිාතාන්යෝ අග්රාවමාත්යබ තේරේසා මේ කියා සිටියේ ඇෆ්ගනිස්ථානයට තවත් සෙබළුන් යොමු කිරීමට කැමති බවයි. ඇය සඳහන් කළේ නේටෝව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක දී අවශ්යක පහසුකම් සැපයීමට සූදානම් බවයි. තවත් නේටෝ රටවල් කිහිපයක් ඇෆ්ගනිස්ථාන යුද්ධය වෙනුවෙන් සහයෝගය දැක්වීමට එකඟ වුව ද එසේ කිරීමෙන් රුසියාවේ උදහසට තමන් ලක් විය හැකි බව සඳහන් කළේය. මේ හේතුවෙන් රුසියාව සමඟ ඇති දේශසීමා අර්බුද උග්‍ර විය හැකි බව ද ඔවහු කියා සිටියහ.
මෙවර සමුළුවේ දී 2024 වසර වන තෙක් අරමුදල් වෙන් කර ගැනීමට යෝජනා කෙරිණ. එහෙත් මෙහි දී පවතින ප්රකධාන අභියෝගය නම් නේටෝ රටවල ජනතාවගෙන් එල්ල වන විරෝධයයි. බොහෝ රටවල ආර්ථික අවපාතයක් පසුගිය සමය තුළ දී දැක ගැනීමට ලැබුණු අතර නේටෝ රටවල පොදු ජනතාවගෙන් එල්ල වන චෝදනාව නම් තමන් නොදන්නා රටවල යුද්ධ වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරන්නේ ඇයි ද යන්නයි.
මෙවර නේටෝ සමුළුවේ දී ජෝර්ජියාව, මැසිඩෝනියාව සහ යුක්රේනය පිළිබඳ ව ද සාමාජික රටවල අවධානය යොමු විය. යුක්රේනය නේටෝව සමඟ සම්බන්ධතා පැවැත්වීම මෙහි දී වැදගත් වන්නේ එරට බලය රුසියානු හිතවාදී කඳවුරක සිට නේටෝ හිතවාදී කඳවුරකට මාරු වීම හේතුවෙනි. මේ නිසා පොරෂෙන්කෝගේ පාලනය රුසියාවේ උදහසට ලක් වීම වැළැක්වීමට නොහැකි වනු ඇත.
No comments:
Post a Comment